spot_img
spot_imgspot_img

ළිඳක හිර වූ දරුවා මියගිහින්

පුවත්

විදෙස්

ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ නළ ළිඳකට ඇද වැටුණු 08 හැවිරදි දරුවා එම ළිඳ තුළ දී ම අවසන් හුස්ම හෙළා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පැය 100කට ආසන්න කාලයක් දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා ගලවාගැනීම් කණ්ඩායම් දැඩි වෙහෙසක් දැරුවද ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.

තන්මේ සාහු නමැති මෙම දරුවා 12 හැවිරිදි තම සොහොයුරිය සමඟ සෙල්ලම් කරමින් සිටිය දී කුඩා විවරයක් සහිත මෙම ළිඳට ඇද වැටී තිබිණි. අඩි 400ක් පමණ ගැඹුරු එම ළිඳෙහි අඩි 55ක් පමණ ගැඹුරින් ඔහු හිර වී සිටි අතර ඔහුට ඔක්සිජන් පවා සැපයීම සිදුකෙරිණි. ගලවාගැනීමේ කණ්ඩායම් වරක් කියා සිටියේ දරුවා තම අත් ඔසවාගෙන සිටින බව නිරීක්ෂණය කළ හැකි වූ බවයි.

නමුත් පැය 40කට පසු ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් දක්නට නොලැබුණු අතර ඔහු මියගොස් ඇතැයි මේ වනවිට තහවරු කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!