spot_img
spot_imgspot_img

ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිය අල්ලන්න යැයි වරෙන්තු

පුවත්

විදෙස්

ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සිකුරාදා (02) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

මෙලෙස වරෙන්තු නිකුත්කරන ලද්දේ පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට අධි චෝදනා හතරකට වැරදිකාරිය වී වසර පහ බැගින් වසර 10ක සිර දඬුවම් නියම වී සිටීම හේතුවෙනි.

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්.මෙරෙන්චිආරච්චි නමැති අයට මෙලෙස දඬුවම් නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ මේ වනවිට ඇය විදේශගත වී සිටින බවයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක විත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500.00ක දඩයක් රුපියල් 1,500.00ක් ලෙස සඳහන් කරමින් සහ රුපියල් 5,000.00ක දඩය රුපියල් 2,500.00ක් ලෙස වෙනස් කර සටහන් කරමින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට ඇයට එහෙිව අධි චෝදනා 04ක් ගොනුකර තිබිණි

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තියට අනුව විත්තිකරුගේ සහභාගීත්වයක් නොමැතිව ඒක පාර්ශ්විකව මෙම නඩු දෙක වභිග කළ මහාධිකරණය අධි චෝදනා හතරට වසර පහ බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් සහ රුපියල් 22,500.00ක දඩයක් නියම කළේය.  

මෙම නඩු දෙක 2009 වර්ෂයේ දී නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!