spot_img
spot_imgspot_img

17 හැවිරිදි සිසුවෙක් කාරයක හිරවී මියගිහින්

පුවත්

විදෙස්

නිවසක තිබූ කාරයක් ඇතුළේ සිරවී වයස අවුරුදු 17ක පාසල් සිසුවකු ඊයේ (01) මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජය මාවතේ පදිංචිව සිටි මාදම්පෙරුම ආරච්චි‍ගෙග් සඳුන් නින්සර නමැති දරුවෙකි. ඔහු ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබුවේ ය.

පිළියන්දල පොලිසිය පවසන්නේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක මෙය සිදුව ඇති බවයි.

මියගොස් ඇති සිසුවා නිවුන් දරුවකු වන අතර මව අනෙක් දරුවා සමඟ ජයර්ධනපුර රෝහලට ගොස් ඇත. ඒ අතර වැඩිමල් සොහොයුරිය සහ පියා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබේ.

මියගිය සිසුවා තනියම නිවසේ සිට ඇති අතර ඔහුගේ මිතුරකු නිවසට පැමිණ සොයා බැලීමේ දී මියගිය සිසුවා නිවස ඇතුළේ නොමැති බවත්, දොර ජනෙල් සියල්ල විවෘත කර රූපවාහිනිය ද ක්‍රියාත්මක කර ඇති බව දැක ඒ ගැන මියගිය සිසුවාගේ පියාට දුරකථනයකින් දැනුම් දී ඇත. වහාම ක්‍රියාත්මක වූ පියා නිවසට පැමිණ සොයා බැලීමේ දී දැක ඇත්තේ තම පුතා කාරය ඇතුළේ සිටින බවයි.

කාරය ස්වයංක්‍රයව අගුළු වැටී තිබූ අතර ඔහු වම්පස අසුනේ දොරට හේතුතු වී සිට ඇත. සිරුරට අධික ලෙස දහඩිය දමා තිබූ බවත් කටින් සෙම වැනි ද්‍රවාණයක් එළියට පැමිණ තිබූ බවත් පියා පොලිසියට පවසා ඇත.

ඔහු කඩිනමින් පිළිලයන්දල දිසාා රෝහලට ගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල රෝහලට මාරු කර යවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ගල්කිස්ස අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. පිළියන්දල පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!