spot_img
spot_imgspot_img

රුහුණ අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන්ට පහරදුන් සීමාවාසික ගුරුවරු රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිකට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සීමාවාසික පුහුණු ගුරුවරු හය දෙනකු හෙට (29) දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (28) නියෝග කළාය.

අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 07 දෙනකු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් සැකකරුවකු රුපියල් 50,000.00ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරිය කටයුතු කළාය.

රිමාන්ඩ් කරන ලද්දේ තිරියදුරලාගේ තාරුක එරන්ද මධුරංග, නිපුන හේෂාන් ධර්මවර්ධන, සෝමදාසගේ තරිඳු දේශාන්, අදිකාරී මුදියන්සේලාගේ සම්පත් සඳරුවන් අදිකාරී, ඇලේගෙදර ශානුක හෂාන් අමරසූරිය, බියන්විල ගමරාළලාගේ මධුරංග රමේෂ් යන හය දෙනාය. අනෙක් සැකකරුවන දිල්ශාන් චතුරංග ජාසිංහ ඇප මත මුදාහරින ලදී.

දැනට සීමාවාසික පුහුණුව ලබන ගුරු සිසුන් වෙනුවෙන් සමුදීමේ උත්සවයක් අද (28) පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා අවශ්‍ය සැරසිළි කටයුතු පළමු වසරේ සිසුන් විසින් සිදුකර තිබිණි. එම සැරසිළි කරන ලද සිසුන්ගේ නේවාසිකාගාරයට ගොස් විසිරයාට නියමිත ගුරු සිසුන් විසින් ම පහර දී ඇතැයි ද පොලිසිය අධිිකරණයට දැනුම් දුන්නේය. එම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය මහේස්ත්‍රාත්වරියට කීවේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද සිසුන් සියලු දෙනා මේ වනවිට සීමාවාසික ගුරුවරුන් ලෙස පාසල් කිහිපයකට අනුයුක්තව සේවරය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!