spot_img
spot_imgspot_img

සිසුවාගේ පිට ඉදිමෙන්න පහදුරදුන් නියෝජ්‍ය විදුහල්පතිනිය තාත්තාටත් බැන වදින අයුරු මෙන්න (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

තම දරුවාට දඬුවම් කිරීම පිළිබඳ ගැටලුවක් නැතත් පිටේ කැළල් ඇතිවන තරමේ අමානුෂික පහර දීමක් අනුමත කළ නොහැකියැයි කී පියෙකුට විදුහල්පතිනියක විසින් බැන වදින ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ මහනුවර මැණික්හින්න බාළක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි තරංගනී සෝමතිලක සිසු දරුවන්ට සහ දෙමාපියන්ට පැන වදින ආකාරයයි.

පාසලේ පැවැති අමතර පන්තියක් අවසන් වූ අවස්ථාවේ තම පුතු ගේට්ටුව අසළ අඩමින් සිටිනු දුටු පියා ඒ ගැන පුතාගෙන් ප්‍රශ්න කර තිබේ. එවිට පුතා පවසා ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනිය තමන් ඇතුළු පිරිසකට පහරදුන් බවයි. ඒ පහරදීමෙන් පිට ප්‍රදේශය දැඩිව වේදනා දෙන බැවින් හැඬූ බව ද ඒ ගැන “මැඩම්” ගෙන් නොඅසන්න යැයි ද දරුවා කියයි.

ඒ අවස්ථාවේ ඉදිරියට පැමිණෙන නියෝජ්‍ය විදුහල්පතිනිය ද එම සිසුවා හඬන්නේ වැටීමක් නිසාදැයි අසන බැවින් පියා සිද්ධිය පවසයි. එම අවස්ථාවේ විදුහල්පතිනිය එම පියාට ද ද්වේශ සහගත ලෙස බැන වදින අයුරු වීඩියෝවේ දැක්වෙයි.

5 ශ්‍රේණිය සියළු ළමයින්ට පසුගිය 18 සිකුරාදා පාසැල් වේලාව අවසන් වීමෙන් පසු අමතර පංතියක් පවත්වා ඇති අතර පංතියේ 12ක සිසුන් පිරිසකට තරංගනී සෝමතිලක යන අය ද ඉතිරි 28 දෙනාට අචිනි යන ගුරුවරිය විසින්ද උගන්වා ඇත. තරංගනී සෝමතිලක, අචිනි ගුරුවරිය පංතියේ උගන්වමින් සිටියදී ම ඇගේ පංතියට ගොස් ශබ්දය වැඩියැයි සියළුම සිසුන්ට කෝට්ටකින් පහර දී ඇත. එම පහරදීමෙන් ඇති වූ තුවාල කැලල් දරුවන්ගේ පිටෙහි පැහැදිළිව දක්නට ලැබෙයි.

නියෝජ්‍ය විදුහල්පතිනිය පියෙකුට “තමුසේ” , “තමුසේ” යනුවෙන් පවසමින් බැන වදියි. එම පියා පවසන්නේ තම දරුවාට අපස්මාරය සෑදෙන බවයි. එමෙන් ම ඔහු අක්ෂි දුරුවලතාවකින් පෙළෙන බව ද පෙනෙන්නට තිබේ.

පියාට ද්වේෂ සහගත ලෙස බැන වැදුණු මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය සිය පාසලේ විදුහල්පති අමතා “ළමයෙක්ගේ තාත්තා කෙනෙක් මට තර්ජනය කරනවා” යැයි පවසා ඇත. මේ හේතුවෙන් එම පියා මැණික්හින්න පොලිසියට ගොස් එදින ම රාත්‍රී මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලිකර තිබිණි.

පොලිසියට පැමිණිල්ල ලැබුණු පසු 19 වැනි සෙනසුරාදා විදුහල්පතිවරයා සහ තරංගනී සෝමතිලක නියෝජ්‍ය විදුහල්පතිනිය ‍පොලිසියට පැමිණ තිබිණි. 21 වැනි දා උදෑසන 8.00 වනවිට පියාට පාසලට එන ලෙස ද පොලිසියෙන් දැනුම්දීමක් ලැබිණි.

එහි දී සිදුවූයේ තම දරුවාට පහරදීම සම්බන්ධයෙන් ප්‍රශන් කළ විට බැණුම් ඇසූ පියාට අමුතු උපදෙසක් ලැබීමයි. නියෝජ්‍ය විදුහල්පතිනියට වැඳ සමාව ගන්නා ලෙස ඔහුට බලපෑම් එල්ල වන්නට විය. ළමයකු හිසාවට පත්කිරීම සම්බන්ධයෙන් සහ අමානුෂික ලෙස බැනවැදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිය දී පොලිසිය නීතිය ක්‍රියාත්මක කර නැත.

සියලු වරද පියා මත පටවා තිබේ. රැස්විමක් කැඳවා ඇති අතර අවසානයේ එල්ලවූ බලපෑම් සහ දරුවන්ට එල්ල වූ බලපෑම් හේතුවෙන් සමාව ගැනීම හැර වෙනත් විකල්පයක් එම පියාට තිබුණේ නැත.

නමුත්, පසුව සිදුව ඇත්තේ අනපේක්ෂිත දෙයකි. මෙම සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ වෙනත් තාත්ත‍ා කෙනෙක් එය අන්තර්ජාලයට මුදාහැර තිබිණි. සිද්ධිය වේගයෙන් ප්‍රචාරය වන්නට විය. පොලිසියටත්, විදුහල්පතිට සහ චණ්ඩිකම් පෙන්වූ නියෝජ්‍ය විදුහල්පතිනියටත් දෙළොව රත්වූයේ ඉන් පසුවය.

දැන් සිදුව ඇත්තේ බැනුම් ඇසූ පියාගේ පුතා පාසලේ සියලු වට්ස් ඇප් සමූහයන්ගෙන් ඉවත්කර ඔහුට අධ්‍යාපන අයිතිය අහිමිකිරීමයි. පාසලේ ගුරුවරුන් මේ දර්ශන පටිගත කළ ‍තාත්තාගේ පුතා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. සැකකරුවන්ට තර්ජනය කරමින් සිටියි. බැනුම් ඇසූ තාත්තාට ද එල්ලවන තර්ජනය අතිවිශාලය.

මේ තොරතුරු දැනගැනීම සඳහා ඒ ගුටිකෑ දරුවාගේ දෙමාපියන්ට කතා කළ විට ඔවුන් පැවසුවේ දැන් සිටින්නේ මර බියෙන් බවයි.

මේ සම්බන්ධයෙන් අපි වත්තේගම අධ්‍යාපන කලාප කාර්යාලයට දුරකථන ඇමතුමක් දී එහි අධ්‍යක්ෂිකාව සම්බන්ධ කරගත් විට ඇය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් ‍තවමත් ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි.

නියෝජ්‍ය විදුහල්පතිනියකට මෙසේ දරුවන්ට පහර දිය හැකි ද ? එවැනි අමානුෂික පහරදීමක් සම්බන්ධයෙන් විමසූ විට එම සිසුවාගේ පියාට කුරිරු ලෙස බැන වදින්නට ඇයට ඇති අයිතිය කුමක්ද ? විදුහල්පතිවරුන්ට අවශ්‍ය ලෙසින් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි ? මේ ප්‍රශ්න කිසිවකට බලධාරීන්ගෙන් පිළතුරු නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!