spot_img
spot_imgspot_img

රුහුණ විද්‍යාපීඨයේ ගැටුමක්, සීමාවාසික ගුරු සිසුන් නවක සිසුන්ට පහර දී 14ක් රෝහලේ

පුවත්

විදෙස්

ගාල්ලේ අක්මීමණ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස ඇතුළත් කර ඇත්තේ විද්‍යා පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. තුවාල ලැබූ සිසුන් පවසන්නේ මීට පෙර එම පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට සීමාවාසික පුහුණු ගුරුවරුන්‍ ලෙස පාසල්වලට අනුයුක්ත කර සිටින පිරිසක් හදිසියේ ම නේවාසිකාගාරයට පැමිණ තමන්ට පහරදුන් බවයි.

රුහුණ විද්‍යා පීඨයේ ප්‍රකාශකයකු කීවේ ඊයේ රාත්‍රී 50ක පමණ සීමාවාසික සිසුන් පිරිසක් විද්‍යා පීඨයේ ආරක්ෂක වැට කඩාගෙන එහි ඇතුළු වී තිබෙන බවයි.

කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විද්‍යා පීඨය වසා දමා තිබිය දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකළ බැවින් නවකවදය දීමට නොහැකි වූ බැවින් නවක වදය දීම සඳහා පැමිණි බව පවසමින් එම පිරිස නේවාසිකාගාරයට ඇතුළු වී තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එලෙස නේවාසිකාගාරයට පැමිණි සීමාවාසික සිසු පිරිස නවක සිසුන්ගේ ජංගම දුරකථන ඔවුන්ගේ බාරයට ගෙන වදදී ම ආරම්භ කළ බවත් එහි දී ඇති වූ බහින්බස්වීම්වලින් පසු පහරදුන් බවත් ඔවුන් පවසා ඇත.

මේ පිළිබඳ අක්මීමණ පොලිසියෙන් විමසූ විට මෙතෙක් ඒ ගැන පැමිණිල්ලක් ලැබී නැතැයි කීවේය. රෝහල් පොලිසියෙන් හෝ විද්‍යාපීඨයෙන් දැනුම් දුන්පසු මේ ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව ද අක්මීමණ පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!