3.7 C
New York

කොළඹින් ඇප දුන් සිරිධම්ම හිමි, කඩුවෙළ අධිකරණයෙන් යළි රිමාන්ඩ්

Published:

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (23) ඇප මත මුදාහරින ලද ගල්වැව සිරිධම්ම හිමි ලබන 06 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න යැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර අද (23) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව මාස තුනක රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමෙන් පසු එම මාස 03 අවසන් වූ පසුගිය 18 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සිරිධම්ම හිමි නීතිපතිවරයාගේ උපදෙස් මත අද ඇප මතා මුදාහැරීමෙන් පසු පොලිසිය නැවත එම හිමියන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී විරෝධතාවවක් පවත්වා පොදු දේපළ පනත ප්‍රකාරව අනර්ථයක් කර ඇති බව කියමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පසුගිය ජුනි මස 10 වැනිදා විරෝධතාවක යෙදෙමින් එම අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුවට රුපියල් 230,000.00ක අලාභයක් සිදුකර පොදු දේපල පනත අනුව වරදක් සිදුකළැයි තලංගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

සැකකාර හිමිනම පොදු දේපල පනත ප්‍රකාරව මෙන්ම අයුතු ජන රාශියක සාමාජිකයකු වෙමින් කටයුතු කර පොලිස් නිලධාරින්ගේ රාජකාරිය බාධා කළැයි චෝදනා 15ක් යටතේ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Related articles

Recent articles

spot_img