spot_img
spot_img

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මතයි

පුවත්

විදෙස්

2023 අයවැය අද (22) සවස පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 37කින් සම්මත විය. අයවැය පිළිබඳ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 84කි.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීම සදහා පැමිණ සිටියේ නැත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 14 වැනි දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විභාගය 15 වැනි දා ආරම්භ වූ අතර අද දිනයේ දී ද විවාදය පැවැත්විණි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර ඉන් පසු අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනි දා සවස පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!