spot_img
spot_img

අධ්‍යාපන චාරිකාවේ ගිය පාසල් සිසුන් සතුව මත්ද්‍රව්‍ය තිබී හසුවෙයි

පුවත්

විදෙස්

මධ්‍යම පළාතේ සිට අධ්‍යාපන චාරිකාවක් යමින් සිටි පාසල් සිසුන් සතුව තිබී මදන මෝදක, ගංජා සහ තූල් නමැති මත්ද්‍රව්‍ය සොයගත් බව පොලිසිය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් මත් උවදුරෙන් බේරාගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද “රැන්ඩි” නමැති පොලිස් නිල සුනඛයා විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත.

මෙම සුනඛයාගේ සහය ඇතිව සිසු සැරිය බස්, පෞද්ගලික බස්, පාසල් සිසුන් ප්‍රවාහ වෑන් රථ, පෞද්ගලික පන්ති පරීක්ෂා කර ඇති අතර නොරොච්චෝලේ විදුලි බලාගාරය නැරඹීමට යමින් සිටි සිසුන් රැගත් බස් රථය ද එහි දී පරීක්ෂාවට ලක්කර තිබේ.

එක් සිසුවකු මත්වී සිටින ආකාරයක් නිරීක්ෂණය වූ බවත් ඉන් අනතුරුව සොයා බැලීමේ දී ඔවුන්ගේ බෑග්වල තිබී මදන මෝදක, ගංජා මිශ්‍ර කෙට සැකසූ සුරුට්ටුවක් හමු වූ බවත් පොලිසිය පවසයි.

එම බසයේ සිටවිදුහල්පතිවරයාට, ගුරුවරුන්ට, දෙමාපියන් කිහිප දෙනකුට සහ සිසුන්ට තරයේ අවවාද කර මුදා හැරීමට නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය ‍පොලිස් අධිකාරී ජී.ජේ.නන්දන කටයුතු කළේය.

එමෙන ්ම කුරුණෑගල උපක‍ාරක පන්ති පැවැත්වෙන ස්ථානවල දී දුම්කොළ කුඩු මිශ්‍ර තූල් නමැති මත්ද්‍රව්‍යයත් විශාල වශයෙන් හමුවූ බව ද පොලිසිය පවසයි. ඇතැම් පාසල් සිසුන් ඒවා පුරුද්දක් ලෙස කටේ තබාගෙන සිටින ආකාරය ද පොලිසිය නිරීක්ෂණය කර තිබේ.

(මෙම අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ පාසලේ නම ඇතුළු සියලු විස්තර අප සතුව ඇතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් පාසලේ නම සඳහන් නොකරන බව පාඨකයන්ට දන්වා සිටිමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!