spot_img
spot_img

මත් උවදුර මර්ධනයට, ජනාධිපති කාර්ය සාධක බලකායක් ?

පුවත්

විදෙස්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මැඩලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණනය කර තිබේ.

එවැනි ඖෂධ ප්‍රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම එම කාර්ය සාධන බලකායේ අරමුණ වෙයි. ඒ සදහා අවශ්‍ය සැළසුම් සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා බව පවසමින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අයගේ ඒකාබද්ධ යෝජනාවක් වශයෙනි.

මේ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!