spot_img
spot_imgspot_img

අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන්ට එරෙහිව මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භ කරයි

පුවත්

විදෙස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් චක්‍රලේඛ නිකුත් කිරීම සහ ඒක පාර්ශ්වික විනය තීරණ ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

‍එම තීරණය ගෙන ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳ මූලික අධ්‍යයනයකින් පසුවය.

රාජ්‍ය නිලධාරීන්ට ඇති භාෂණයේ අයිතිය සීමා කරමින් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ නිකුත් කරන ලද අතර එම චක්‍රලේඛ වලට අනුව සමාජ මාධ්‍ය භාවිතාව පවා රාජ්‍ය නිලධාරීන්ට අනියම් අන්දමින් තහනම් කර තිබිණි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට පුරවැසියන්ට පවතින භාෂණයේ අයිතිය ආයතනික චක්‍රලේඛ වලින් හෝ ආයතන සංග්‍රහයෙන් හෝ සීමා කළ නොහැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා මානව හිමිකම් කොම්සන් සභාව වෙත පෙන්වා දී ඇත.

ඒ අනුව එම පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කිරීමට අදාළව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාගෙන් කරුණු විමසීමට මානව හිමිකම් කොමිසම දැනටමත් තීරණය කර තිබේ.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විනය පරීක්ෂණ පැවැත්වීමේදී බොහෝදුරට විනය පරීක්ෂණ පවත්වන හදිසි වැටලීම් ඒකකය පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවික ලෙස විනය පරීක්ෂණ පවත්වන බවට සන්ධානයේ ලේකම් ජයරුවන් බණ්ඩාර සහ සභාපති වෛද්‍ය චමල් සංජීව තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල  සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර කරුණු විමසා ඇත.

දේශපාලකයින්ට අවශ්‍ය විදියට හෝ මේ රටේත් සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් පීඩාවට පත් වන අන්දමට තවදුරටත් ඉහළ රාජ්‍ය නිලධාරීන්ට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට තම වෘත්තීය සමිති සන්ධානය කිසිවිටෙකත් ඉඩ නොතබන බව වෛද්‍ය චමල් සංජීව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!