spot_img
spot_imgspot_img

ඇලුවීෂියස් විදුහල්පති, පොලිස් අණ නොතකා ගාලු නගරයේ මාර්ග බලෙන් වසා දමයි. එක රටක නීති දෙකක්

පුවත්

විදෙස්

විදුහල්පතිවරුන්ට පොදු මාර්ග තම හිතුමතයට වසා දැමීමට නොහැකි බැවින් ගාල්ල කළුවැල්ලේ ටෙම්පලර්ස් පටුමග මාර්ග බාධක යොදා වසා දැමීම නතර කරන්න යැයි ගාල්ල මූලස්ථාන පොලිසිය ඇලුවීෂියස් විද්‍යාලයේ පාලන අධිකාරියට උපදස් ලබා දුන්න ද එම උප උපදෙස් පවා නොතකා විදුහල්පතිවරයා අත්තනෝමතිකව කටයුතු කරන බව ප්‍රදේශවාසීහු කියති.

ඇලුවීෂියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් තම නිවාසවලට යන මාර්ගය සෑම දිනකම උදෑසන 6.30 සිට 7.45 දක්වාත් දහවල් 12.30 සිට 1.45 දක්වාත් කාලයේ දී වසා තබන බවට ප්‍රදේශවාසීහු ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පසුගිය 14 වැනි දා (සඳුදා) පොලිසිය උපදෙස් ලබා දී ඇත්තේ එලෙස මාර්ග වසා දැමීමට විදුහල්පතිරුන්ට කිසිදු බලයක් නොමැති බැවින් එසේ නොකරන ලෙසයි.

මෙම පැමිණිල්ල ප්‍රදේශවාසීන් විසින් සිදුකළ විට පොලිසියෙන් කරන ලද කැඳවීමට විදුහල්පතිවරයා හෝ ඔහුගේ බලයලත් නිලධාරියකු හෝ පොලිසියට පැමිණියේ නැත. ඉන්පසු නැවත නීතිඥ අජිත් කුමාරගේ මැදිහත්වීමෙන් පොලිසිය සමඟම පැමිණිලි පාර්ශවය සාකච්ඡා කිරීමෙන් පසු විදුහල්පතිවරයා නැවත පොලිසියට කැඳවිණි. පසුගිය 14 වැනි දා විදුහල්පතිවරයා පොලිසියට නොපැමිණි අතර ඔහු වෙනුවෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයකු පොලිසියට පැමිණ පොරොන්දු වූයේ එම මාර්ගය මින් ඉදිරියට වසා නොතබන බවයි.

එසේ පොලිසියේ දී පොරොන්දු වුව ද ඊයේ (15) සහ අද (16) දිනයේ දී ද ටෙම්ප්ලර්ස් ‍පටුමග මාර්ග බාධක යොදා වසා දමා තිබිණි.

Rata.lk අප එම ස්ථානයට යනවිටත් පොලිස් මාර්ගබාධකවලට  සමාන යකඩ මාර්ග බාධක දෙකක් මාර්ගය දෙපසින් හරස්කර එම ස්ථානයේ රිය නියාමක සිසුන් යොදවා තිබිණි. ඔවුන්ගෙන් මේ මාර්ග බාධක යොදන්න යැයි උපදෙස් දුන්නේ කවුරුන්ද යනුවෙන් විමසූ විට කියා සිටියේ විදුහල්පතිවරයා සහ ප්‍රදීප් නැමැති ගුරුවරයකු එලෙස උපදෙස් දුන් බවයි.

මෙලෙස මාර්ග බාධක යොදා පාර වසා දැමීම හේතුවෙන් එම මාර්ගයේ ජීවත්වන ගම්වාසීන්ට සිය නිවෙස්වලට වාහනයකින් පැමිණීමට හෝ යාමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

මේ පිළිබඳ අප ගාල්ල මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් දිලිනි සුමාලිගෙන් විමසූ විට ඇය පවසන්නේ මාර්ගය එක් පසකට වාහන ධාවනය කළ හැකි තත්වයට පත්කිරීම සම්බන්ධ තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ මහ නගර සභාවට බවයි. එය මාර්ග බාධකයක් යොදා වසා දමන්නේ නම් වැරැද්දක් බවත් මේ ගැටලුව සභාවට යොමුකර ඇති බවත්, සභා තීරණයක් ගැනීමට නියමිත බවත් ඇය කියා සිටියාය.

ගාල්ල මහ නගර සභාව මීට පෙර දැනුම් දී ප්‍රදේශවාසීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ මහ නගර සභාවේ රථවාහන කමිටුව විසින් එම මාර්ගය දවසේ කිසිම මොහොතක වසා තැබීම සඳහා අනුමැතියක් දී නැති බවයි. (එම ලිපියේ පිටපතක් මෙම සටහන අවසානයේ දක්වා ඇත)

පොලිසිය ලබාදුන් උපදෙස් පවා නොතකා තවදුරටත් මාර්ග බාධකය යෙදීම සම්බන්ධයෙන් අපි ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ විදුහල්පති අනුර ගමගේ අමතා විමසූ විට ඔහු මෙසේ කිවේය.

“පාර වහන්නවා කියලා මම දන්නේ නෑ. කවුරු හරි ඒක වහලා මම ඒ ගැන බලන්නම්”

විදුහල්පතිවරයාගේ පිළිතුරයිි ඒ

කාන්තාවන් දෙදෙනකු පුවරු දෙකක් ඔසවාගෙන පා ගමනින් යමින් සිටිය දී එය පොදු මහජනතාවට අවහිරයක් වන බව පවසා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙ ්නිලධාරීන් මෙම මාර්ගය වසා දැමූ ස්ථානයේ රාජකාරියේ නිරතව සිටියි. මේ ආකාරයට මාර්ගයක් වසා දැමිය හැකිදැයි අපි ඔවුන්ගෙන් විමසූ විට කීවේ “අනේ අපි දන්නේ නෑ. විදුහල්පතිතුමා කරන දේවල්” යනුවෙනි. එක රටක එකම දෙපාර්තමේන්තුවක නීති දෙකක් ඇති සැටි එයින් පැහැදිලි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!