spot_img
spot_imgspot_img

දැරියන් තිදෙනාට මරු කැඳවූ අනතුර ගැන ඔරුව පැද වූ තරුණයා කී කතාව

පුවත්

විදෙස්

“ඔරුවට නගින්න කිව්වට ඇහුවේ නෑ. හැමෝම නැගලා වැව මැදට ගිහින් අතින් වතුර ගහගන්න කොට ඔරුව පෙරළුණා.” යැයි සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරු පැදීමට ගොස් මියගිය දැරියන් තිදෙනා ගේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඔරුව පැද වූ කේ.ජී.ලහිරු කීවේය.

පසුගිය 12 වැනි දා ඔරුව පෙරැළී මියගියේ කුරුණෑගල, පිහිඹුව, මාළඹේ කොලණිය පදිංචි 10 හැවිරිදි වියේ පසුවන තරුෂි මිහිරංගි සේනාධීර, බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා (16) සහ කුරුණෑගල දිලක්ෂිි මදුෂිකා හේරත් (18) නමැති තිදෙනෙකි.

ඔවුන් තම සීයාගේ තුන්මාසේ දානමය පිංකමට සහභාගී වීම සඳහා සිය පවුලේ අය සමඟ සූරියවැව ප්‍රදේශයට ගොස් සිටිය දී මේ අනතුරට මුහුණ දී ඇත. සීයා මියගොස් ඇත්තේ ද මහවැලිකඩආර වැවෙන් ජලය පිටවන ඇළක ගිලීමෙනි.

ඔරුව පැදවූ ලහිරු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මම ඉස්සරවෙලාම හය දෙනෙක් දමාගෙන රවුමක් ගිහින් ආවා. ඒ වෙලාවේ අම්මලා හිටියේ ගොඩ. ටිකක් ඈතට යනකොට අම්මලා කෑ ගහන්න ගත්තා ඈතට යන්න එපා කියලා ඒ ිනසා මම වැඩි දුරක් අරගෙන යන්නේ නැතිව ආවා. එයාලා ගොඩට ගෙනත් බැස්සුවා ම අනිත් අයත් යන්න ඕනෑ කිව්වා. ඉතින් ඔක්කොම කට්ටිය දෙවැනි සැරේට නැග්ගා. මම කිව්වා එපා ඔරුවට බර වැඩියි කියලා. ඒත් අනේ අයියා තව එක සැරයක් එක්කන් යන්න කියලා කියපු නිසා එක්කගෙන ගියා. මම කිව්වා කාටවත් දඟලන්න එපා කියලා. ඒත් යනකොට සෙල්ෆි අරගනිමින් ගියේ. වැව මැදදී කට්ටිය වතුරට අතදාලා වතුර ගහන්න ගත්තා. මම කිව්වා කොල්ලෑව පැත්තට බරවෙන්න එපා කියලා. ඒත් එකපාරටම කොල්ලෑවත් එක්ක ඔරුව පැද්දෙන්න ගත්තා.  එතකොට කට්ටියම ඔරු‍ේ එක පැත්තකට බර වෙලා ඔරුව පෙරළුණා.”

ඔහු පවසන්නේ ඒ අවස්ථාවේ ඔරුවේ සිටි සියලු දෙනා වැවට වැටුණු බවයි. මාස අටක දරුකු එක් කාන්තාවක් අතේ සිටි බවත් ඔහු දරුපැටියා අල්ලාගත් බවත් ඒ දරුවා අල්ලාගෙන සිටි නංගී යට ගිහින් උඩට එනවිට ම පෙරැළී තිබූ ඔරුව අල්ලා ගැනීමට ඇයට හැකි වූ බවත් ඔහු පවසයි.

මෙම අනතුර දුටු තවත් පිරිසක් ඔරු වලින් පැමිණ අනතුරට පත් වූ පිරිස බේරාගැනීමට කටයුතු කර තිබිණි නමුත් මියගිය දැරියන් තිදෙනා ඔවුන්ට සොයාගත නොහැකි විය.

මියගිය තරුෂි මිහිරංගි සේනාධීරගේ පියා දිලිප් සේනාධීර මෙසේ කියයි.

“මෙ සිද්ධිය වෙද්දී මම නිදාගෙන හිටියේ. මේ දරුවන් වැව පැත්තටවත් යන බව මට කිව්වනම් මම නින්දට යන්නේ නෑ. මම කලින් ම කිව්වා කොහේවත් යන්න එපා කියලා. මට කිව්වා පේර කඩන්න නම් යනවා කියලා. එහෙම කියපු දරුවා කට්ටියත් එක්ක වැවේ ඔරු පදින්න ගිහින්”

සීයාගේ දානමය පිංකම යෙදී තිබුණේ ඊයේ (13) වැනි දිනටය. 12 වැනි දා රාත්‍රියේ මතක බණ දේශනාවයි. නමුත් දියේ ගිලුණු දරුවන් තිදෙනාගෙන් 12 වැනි දා සවස සොයාගත හැකි වූයේ 10 හැවිරිදි දැරියගේ සිරුර පමණි. අනෙක් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට පසු දා නාවික හමුදා කිමිදුම්කරුවන් පවා යෙදීමට සිදුවිය.

පොලිසිය පවසන්නේ වැවේ මසුන් ඇල්ලීමට යොදා ගන්නා එක් අයකු හෝ උපරිම දෙදෙනකු ගමන් ගන්නා කුඩා ඔරුවක අට දෙනකු ගමන් කර ඇති බවයි. මෙය නොසැළකිල්ල හේතුවෙන් සිදු වූ ‍අනතුරක් බව ද පොලිසිය සඳහන් කළේය.

(ඡායාරූප – Emil Rohan – Facebook)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!