spot_img
spot_imgspot_img

ව්‍යවස්ථා සභාවට ගොස් රට හදන්න පුරවැසියන්ටත් අවස්ථාව

පුවත්

විදෙස්

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන සාමාජිකයන් පත්කිරීම සඳහා සාමාන්‍ය මහජනතාව අතරින් අයදුම්පත්‍ර කැඳවා තිබේ.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) ව්‍යවස්ථාව අනුව මෙම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරයි. එහි සාමාජිකයන් ලෙස පත්කිරීම සඳහා සළබා බැලීම සඳහා විශිෂ්ඨත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ සාමාජිකාවක නොවන තැනැත්තන්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි මෙයට අදාල අයදුම්පත්‍රය පළකර ඇත. ඒ අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රයක් සහ ජීව දත්ත සටහනක් යොමුකිරීමෙන් ඉල්ලුම් කළ හැකිය. අයදුම් පත්‍ර බාරගන්නා අවසන් දිනය 2022 නොවැම්බර් 28 වැනි දා යඑම අයදුම් පත්‍ර  පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!