spot_img
spot_imgspot_img

“මන්දපෝෂණය ගැන රටට කී වෛද්‍යවරයා වහාම යළි සේවයේ පිහිටුවන්න” වෛද්‍යවරු කියති

පුවත්

විදෙස්

වැඩ තහනමකට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වහාම නැවත සේවයේ පිහිටවන්නේ නැතිනම් වෛද්‍ය වෘත්තිකයන් තවදුරටත් සෞඛ්‍ය ලේකම්වරයාට සහය නොදෙන බව වෛද්‍ය සංගම් පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාව වෛද්‍ය හා සෞඛ්‍යමය කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටි වෛද්‍ය චමල් සංජීව ලොව කොරෝනා වසංගතය ඇතිවීමට වසර කිහිපයකට පෙර කොරෝනා වයිරසය විකෘතිවී ලෝකය‍ම ගිලගන්නා වසංගතයක් ඇතිවිය හැකි බව විද්‍යාත්මක කරුණු සහිතව සනාථ කර පෙන්වූයේය. පසුගියදා සූරියවැව ප්‍රදේශයේ දී සායනවලට සහභාගීවන දරුවන්ගේ පෝෂණ පත්‍රිකා උදාහරණයට ගනිමින් ශ්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බවට සාක්ෂි ඇතැයි කීවේය.

මෙලෙස මන්දපෝෂණ තත්වය පිළිබඳ රටට හෙළි කිරීම හේතුවෙන් වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද අවසර ලබා දී තිබිණි.

මෙම වැඩ තහනම්කිරීම ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස සීමා කරමින් මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් රාජ්‍ය මර්ධනයේ කොටසක් බවත් වෛද්‍ය වෘත්තිකයෝ පෙන්වා දෙති.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය. ඔහු ඒ බව කියා සිටියේ “වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු” යනුවෙන් කොළඹ දී බ්‍රහස්පතින්දා පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අජිත් අමරතුංග මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගේ පෝෂණ පත්‍රිකා උදාහරණයට ගනිමින් වෛද්‍ය චමල් සංජීව මන්දපෝෂණය ගැන කියූ කතාව විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ද පිළිගෙන ඇති බවයි. එසේ තිබිය දී නිවැරදි කරුණක් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු වැඩ තහනම් කිරීම නීති විරෝධී බව ද වැඩ තහනම් කළේ පරීක්ෂණයක් කිරීමෙන් පසුව යැයි වැඩ තහනම් කිරීමේ ලිපියේ සඳහන්ව ඇතත් එවැනි පරීක්ෂණයක් පවත්වා නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෙහිදී පැවසුවේ සෞඛ්‍ය ලේකම්වරයා මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගත යුතු බවයි. එසේ නොකරන්නේ නම් ඔහුට කිසිදු සහයක් නොලැබෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, 2015 දී නිකුත් කල වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හා 1935 නිකුත්කළ වෘත්තීය සමිති ආඥා පනතද උල්ලංඝනය කර ඇතැයි ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!