spot_img
spot_imgspot_img

රජයට ලැබුණු බිලියන 1,500ක් අතුරුදන් කළ බහිරවයා කවුද ?

පුවත්

විදෙස්

රටට ලැබුණු මුදල්වලින් කොටසකට සිදුවූ දෙයක් සොයාගත නොහැකියැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් තත්වය පිළිබඳ නිකුත් කරන වාරතා එකිනෙකට පරස්පර බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛකන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

මෙම වාර්තා දෙකේම එකම දත්ත තිබිය යුතු වුව ද එසේ වීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය. මහාචාර්යවරයා මේ බව කියා සිටියේ පේරාදෙණියේ දී පැවැති මාධ්‍ය හමුවක  දී අදහස් දක්වමිනි.  

මහචාර්ය අතුකෝරළ පවසන්නේ පසුගිය ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා රටට ලැබුණු මුදල් ප්‍රමාණ්‍ය ගණනය කර වියදම් අඩුකළ විට තවත් රුපියල් බිලියන 1,500ක් ඉතිරිවිය යුතු වුව ද එවැනි මුදලක් සොයා ගැනීමට නොහැකි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“රුපියල් බිලියන 1,500කට සිදුවූ දෙයක් නෑ, මේ මුදල් තියෙනවානම් බදු වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මුදල් මුද්‍රණය කරන්න අවශ්‍ය නෑ වගේ ම ඒ මුදලින් මාස 05ක කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතිව රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ මුදලට සිදුවූ දෙයක් සොයාගන්න නොහැකි වීම. රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව අපි අධ්‍යයනයක් කළා. එයින් පැහැදිළි වුණා 2022 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 04ක කාලයේ දී රුපියල් බිලියන 630ක ආදායමක් ලැබී තිබුණා. මේ කාලයේ ලැබුණු ණය සහ ආදායම් එකතු කළාම එම ගණන රුපියල් බිලියන 6,300ක් වෙනවා. ඒ කියන්නේ අපිට ලැබීම් තියෙනවා රුපියල් බිලියන 6,300ට වඩා වැඩි ප්‍රමාණයක්.”

මහචාර්යවරයා පවසන්නේ එම කාලය තුළ රජය කොපමණ මුදලක් වියදම් කර තිබේ ද යන්න සොයා බැලූ බවයි. එම මුදල රුපියල් බිලියන 1,150ක් බව මහාචාර්යවරයා කීවේය.

“වර්තමාන වියදම් සහ ප්‍රාග්ධන වියදම් විදියට රුපියල් බිලියන 1,150ක් වැය කරලා තිබෙනවා ඒ තුළ පොළී ගෙවීම් ද අන්තර්ගතයි. එයට අමතරව රජය මේ කාලයේ දී ණය වාරික ප්‍රමාණයකුත් ගෙවා තිබෙනවා දැන ්මේ සියලුම රජයේ වියදම් ඇතුළත් කළවිට සාමාන්‍ය වියදම ලැබෙන්නේ රුපිය් බිලියන 2,500ත් 3,000ත් අතර. අපි එය උපරිමය රුපියල් බිලියන 3,000ක් හැටියට සළකමු. රජයේ මුළු ලැබීම් බිලියන 6,200න් මේ වියදම් බිලියන 3,000ක මුදල අඩු කළාම අපිට තවත් රුපියල් බිලියන 3,200ක් ඉතිරි විය යුතුයි. එසේ නම් මේ මුදල රජයේ ගිනුම්වල තිබිය යුතුයි.”

මහචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ එම මුදල් තිබේදැයි අධ්‍යයන කණ්ඩායම විසින් සොයා බැලූ බවයි. නමුත් ඔවුන්ට එම මුදල සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

ඒ ගැන මහාචාර්ය වරයා මෙසේ කීවේය.

“අපිට මේ මුදල් සොයා ගන්න ලැබුණේ නෑ. ඒ නිසා යම් ආකාරයකට ණය වාරික වැඩිඩයෙන් ගෙවීමට වියදම් කරලා තියෙනවා ද කියා සොයා බැලුවා. එහෙම දෙයක් ගැන දැනගන්න ලැබුණේ නෑ. රජයේ සංචිත ප්‍රමාණ්‍ය වැඩි වීමට මේ මුදල හේතු වෙලා තියෙනවා ද කියා සොයා බැලුවා. එහෙම වෙලා නෑ. මේ කාල පරිච්ඡේදයේ දී රජයේ සංචිත වැඩි වෙලා නෑ. අඩුවීමක් දක්නට ලැබෙනවා. එහෙමනම් මේ මුදල අපි සොයාගත යුතුයි. අපි තොරතුරු සොයන්න ඕනෑ. අපිට එක දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. ඒ තමයි විනිමය අනුපාතිකයට සිදුවූ බලපෑම ගණනය කරලා ඒ කොටස ඉවත්කිරීම. මෙය අපි සිදුකළා. අපේ තක්සේරුව විනිමය අනුපාතිකයට සිදු වූ බලපෑම රුපියල් බිලියන 1,500ක් කියලා. එහෙමනම් ඒ මුදල අතුරුදන් වෙච්ච මුදලෙන් අඩු කළාම තවත් රුපියල් බිලියන 1,500ක් 1,700ක් පමණ ඉතිරි විය යුතුයි. මේ මුදල හොයාගන්න නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!