spot_img
spot_imgspot_img

වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණු තාවකාලිකව නතර වේ

පුවත්

විදෙස්

වෛද්‍යවරුන් පශ්චාත් පුහුණුවීම් සඳහා වි‍දේශගත වීමේ දී සිදුකරන ගෙවීම් තාවකාලිකව නතරකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

යම් වෛද්‍යවරයකු පශ්චාත් පුහුණුවීම් සඳහා විදේශගත වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වියදම්, මාස දෙකක ජීවන වියදම් සහ ප්‍රතිපූර්ණ වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ විදේශ මුදල් ඒකක සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. පසුගිය අගෝස්තු මාසයේ විදේශ ගත වූ රජය මගින් ගෙවීම් අනුමත කළ වෛද්‍යවරුන්ට පමණක් සැප්තැම්බර් මාස‍යේ ජීවන වියදම් දීමනාව යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!