spot_img
spot_img

හැලොවීන් උත්සවයේ කලබලයෙන් 151ක් මරුට

පුවත්

විදෙස්

දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි හැලොවීන් උත්සවයක් පැවැත්වුණු ඉටියාවොන් ප්‍රදේශයේ, පටු වීදියකට විශාල ජනකායක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස් 82 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

කොවිඩ් වලින් පසු පළමු වරට මුහුණු ආවරණ රහිතව හැලොවීන් සැමරුම පවත්වන ලද අතර විශාල ජනකායක් උත්සවයට එක්ව සිටියහ.

මියගිය අයගෙන් වැඩි දෙනකු නව යොවුන් වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි. විදේශිකයන් 19දෙනකු ද මියගිය අය අතර සිටින බව වාර්තා වී ඇත.

ව්‍යසනයට හේතුව තවමත් තහවුරුකර නොමැති බව බලධාරීහු පවසති.

සිද්ධිය වාර්තා වූ වහාම හදිසි රැස්වීමක් කැඳවූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසත් අනතුරට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් නියෝග කළේය. 

2014 දී සෙවෝල් යාත්‍රාව ගිලී, 300 කට වැඩි පිරිසක් මිය ගිය පසු දකුණු කොරියාවේ සිදුවූ මාරාන්තික ව්‍යසනය මෙයයි.

https://www.bbc.com/news/world-asia-63443044

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!