spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය පහසු ජයක් ලබයි

පුවත්

විදෙස්

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ තරම කදිමට ප්‍රදර්ශනය කළ නවසීලන්ත කණ්ඩායම අද කඩා වැටුණු ඉනිමක් පිළිසකර කරන ආකාරයත් සැළසුම් සහගතව ජයග්‍රහණය ලබාගන්නා ආකාරයත් අපූරුවට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කළේය.

ඒ අනුව විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තම කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ආරක්ෂා කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූයේය.

තරඟය ආරම්භයේ දී ම නවසීලන්තය සසල කරමින් තරඟයේ පාලනය නතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් පහසු උඩපන්දු අතහැරීමෙන් ජයග්‍රහණය ගිලිහීයාමේ වේදනාවට හිමිකම් කීවේය.

ලකුණු 13 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබාගත් නවසීලන්ත පිතිකරු ‌ග්ලෙන් පිලිප්ස්, සිඩ්නි ක්‍රීඩාංගණයේ අද (29) ලකුණු 65ක ජයග්‍රහණයේ නියමුවා වූයේය.

කාසියේ වාසියද සමඟ පළමුව පන්දුවට පහර දෙමින් ලබා දුන් ලකුණු 168 ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කුත් පන්දු 2 කදී ලකුණු 102 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු කඩුල 4ම පවර් ප්ලේ ප්දුවාර 6 අවසන් වන විටම දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වෙද්දී ලකුණු පුවරුව සටහන් වූයේ 8 ක් ලෙසිනි. මේ නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය දැඩි අසාර්ක භාවයකට මුහුණ දුන්නේය.

දසුන් ශානක සහ භානුක රාජපක්ෂ සටනක් දීමට සූදානම් වුව ද ඔවුන්ට ද රැස්කරගත හැකි ලකුණු 35 සහ ලකුණු 34 පමණි. එම දෙදෙනාගේ උත්සාහය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100කට අඩුවෙන් දැවී යාමට තිබූ අවස්ථාව මඟ හරවාගත හැකි විය. ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු වූ ට්‍රෙන්ට් බෝල්ට්ය තම පන්දුවාර 4 කදී ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ හෙළද්දී මිචෙල් සැන්ට්නර් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවාරයේදීම ෆින් ඇලන්ව දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වූවේය. ඒ අනුව යමින් ධනංජය ද සිල්වා ඩෙවෝන් කොන්වේවද කසුන් රාජිත විසින් කේන් විලියම්සන්ව දවා ගන්නා විට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 15 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

ආරම්භයම අසීරුතාවයකට මුහුණ දුන් නවසීලන්ත ඉනිම ගොඩ ගැනීමේ වගකීම ග්ලෙන් පිලිප්ස් සහ ඩැනල් මිචෙල් සතු වුවත් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ පිලිප්ස් එල්ල කරන ලද පහර ලෝන් ඕෆ් කලාපයේ පන්දු රැකි පැතුම් නිස්සංක වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියේය. නමුත් ඒ පහසු උඩ පන්දුව ඔහුට ගිලිහී ගියේය. ඒ වනවිට ලකුණු 13ක් ලබා සිටි පිලිප්ස් සිය ඉනිම අවසන් කළේ ලකුණු 104ක් ලබා ගනිමිනි.

ඔහු  මුහුණ දුන් 61 වැනි පන්දුවේදී සිය දෙවැනි විස්සයි-20 ශතකය සම්පූර්ණ කරගත්තේය. ක්‍රිකට් පොතේ නොමැති පහරද එල්ල කරමින් ලකුණු රැස් කළ දකුණත් පිතිකරුවා දැවී යන විට සිය ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 4 කින් සරසාගෙන සිටියේය. අවසන් පන්දු වාර 6 දී පිලිප්ස් තනිවම ලකුණු 62 ක් ලබාගත්තේය.

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුනු 167 යි – (ග්ලෙන් පිලිප්ස් 104, ඩැරල් මිචෙල් 22, මිචෙල් සැන්ට්නර් (නොදැවී) 11, කසුන් රාජිත 23/2)

ශ්‍රී ලංකාව ප්දුවාර 19.2 කදී ලකුණු 102 යි – (දසුන් ශානක 35, භානුක රාජපක්ෂ 34, ට්‍රෙන්ට් බෝල්ට් 14/4, ඉෂ් සෝදි 21/2, මිචෙල් සැන්ට්නර් 21/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!