spot_img
spot_img

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් ? විමර්ශන වාර්තා නොකළ නිලධාරීන්ට නොතීසි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය ත‍ොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  අධිකරණය විසින් අද (27) නොතීසි නික්තු කර තිබේ.

කො‍ළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් මෙම නොතීසි නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ වෙතය.

ඔහුට ලබන 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින්න යැයි මෙමගින් නියෝගකර ඇත. ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එරෙහිව ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

අදාල පැමිණිල්ල ලැබී වසර 02ක් ගත වී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කර නැතැයි නීතිඥ ගුණරත්න වන්නිනායක ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් විසින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

ඩයනා ගමගේ හට බ්‍රිතාන්‍ය පුරවැසි බව තිබේනම් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ද නව ව්‍යවස්ථා සංශෝධනය අනුව අහිමිවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!