spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ ඇමට පකිස්තානය හසු වෙයි ද ?

පුවත්

විදෙස්

පී.කේ.බාලචන්ද්‍රන් විසිනි

නව දිල්ලියේ “උපායමාර්ගික ස්වයං පාලනයක්” සඳහා ඇති නැඹුරුව සැළකිල්ලට ගෙන ඇති එක්සත් ජනපදය, ඉන්දියාව පසුගාමී හවුල්කරුවෙකු ලෙස හඳුනා ගනිමින් සිටිනවා. ඒ නිසා ඉන්දියාවේ නිරන්තර ප්‍රතිවාදියා වන පකිස්ථානය තම අභිමතය පරිදි දකුණු ආසියාව තුළ භාවිතා කිරීමේ  පැරණි ප්‍රතිපත්තියට වොෂින්ටනය ආපසු හැරී තිබෙනවා.

අතීතයේ දී, එක්සත් ජනපදය විසින් පාකිස්තානය යම් අවස්ථාවන් සඳහා යොදාගෙන ඇති අතර, එය දැන් ප්‍රයෝජනවත් විය හැකි නමුත්, දකුණු ආසියාතික ජාතිය එක්සත් ජනපදයට නව අභියෝග එල්ල කරනු ඇති. එම අභියෝග දේශීයව මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලින්ද පැන ඉස්මතු වනවා.

පකිස්ථානය දේශපාලනික වශයෙන් අස්ථාවර වන අතර දැඩි ආගමික බේද සහ අන්තවාදයේ තෝතැන්නක්. ඇමරිකානු ඩොලර් බිලියන 62 ක චීන පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) තුළ ප්‍රකාශ වන, චීනය සමඟ එහි සමීප සබඳතා එක්සත් ජනපදයට ඒ රළු ගමන තවත් දුෂ්කර කරනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසවා. චීනය දැන් පකිස්තානයේ ප්‍රධාන බාහිර හවුල්කරුවා ලෙස එක්සත් ජනපදය ආදේශ කර තිබෙනවා.  ද්විපාර්ශ්වික වෙළඳාමේ දී ඩොලර් බිලියන 5 ක් වුවද, එක්සත් ජනපදය අංක එක හිමිකරගෙන.

විචාරකයින් වොෂින්ටනයට, එක්සත් ජනපද-පකිස්තාන සබඳතා පිළිබඳ පැරණි ක්‍රම නැවත තක්සේරු කිරීමට සහ වෙනස් වූ දේශපාලනික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් නව ප්‍රවේශයන් සෙවීමට උපදෙස් දෙන්නේ මෙම හේතුවෙනුයි.

එක්සත් ජනපදයට කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් තිබිය හැකියි. මේ මොහොතේ, වොෂින්ටනයේ අරමුණ නවදිල්ලියට වඩාත් රිදවන තැනට පහර දිය හැකි බව පෙන්වා දීමයි. දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව චීනය සමඟ දිගු කලක් තිස්සේ ආරවුලක් ඇති කර ගෙන භූ දේශපාලනික එදිරිවාදිකමක් මතු වුවද, ඉන්දියානු බොනට් එකේ මී මැස්සන් ලෙස රැඳී සිටින්නේ පාකිස්තානයයි. ඉන්දියාවේ ජාත්‍යන්තර සහ දේශීය දේශපාලනයේ ප්‍රමුඛත්වය ඇත්තේ පකිස්ථානය මිස චීනය නොවේ. දේශසීමා ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් පකිස්ථානය ජාත්‍යන්තරය තුළ හුදකලා කිරීමට ඉන්දියාව දැඩි උත්සාහයක නිරතව සිටිනවා. දේශීය ක්‍ෂේත්‍රය තුළ, පකිස්තාන විරෝධී ස්ථාවරයක් මිස මැතිවරණ ලාභාංශ උපයන චීන විරෝධී ස්ථාවරයක් නැහැ. එබැවින්, එක්සත් ජනපදය පකිස්තානයට කරන දෙය චීනයට එරෙහිව ගන්නා පියවරයන්ට වඩා ඉන්දියානු චින්තනයට වැඩි බලපෑමක් ඇති කරනවා.

බිලාවල්ගේ සංචාරය

වොෂින්ටනය පකිස්තානය දෙසට ඇදී යන බව පකිස්ථානයේ විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරිගේ එක්සත් ජනපද සංචාරයේදී පැහැදිලි වුණා. සැප්තැම්බර් 27 වන දින පකිස්ථාන ප්‍රජාව විසින් සංවිධානය කරන ලද උත්සවයකදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කලබල වී සිටියා. පකිස්තානයේ ගංවතුර නිසා ඇති වූ පෙර නොවූ විරූ විනාශය ගැන සඳහන් කරමින් ඔහු කීවේ. “අපි පසුගිය ස්වාභාවික විපත් වලදී මෙන්ම, ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට සහ, නැවත ගොඩනැගීමට උදව් දීමට බලා සිටිමු.” යනුවෙනුයි.

එක්සත් ජනපදය ක්ෂණික මානුෂීය ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 66 කට වැඩි මුදලක් ලබා දී ඇති බව බ්ලින්කන් පෙන්වා දුන්නා. පකිස්තාන විදේශිකයන් සහ ඇමෙරිකානු ව්‍යාපාරික ප්‍රජාව එක්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා එවා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“අපි අද සහ ඉදිරි දිනවලදී පකිස්තානය වෙනුවෙන් පෙනී සිටිමු, එහි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමු, මන්ද අපගේ හවුල් ඉතිහාසයේ බොහෝ දේ හරහා අපි දෙපැත්තෙන්ම එකිනෙකා වෙනුවෙන් කර ඇත්තේ එයයි. ගෝලීය තර්ජනවලට මුහුණ දීමට අපි එකට වැඩ කර ඇත්තෙමු. අපි දිගටම ත්‍රස්තවාදයට එරෙහි ගැටළු සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන්නෙමු, ”බ්ලින්කන් පැවසුවා.

කෙසේ වෙතත්, “ඉන්දියාව සමඟ වගකිවයුතු සබඳතාවක් කළමනාකරණය කිරීමේ වැදගත්කම” දැකීමට ඔහු බිලාවල්ට ආයාචනා කළා. බෙයිජිං සමඟ ඉස්ලාමාබාද්හි සමීප සබඳතා හඳුනා ගනිමින්, ඔහු බිලාවල්ගෙන් ඉල්ලා සිටියේ,

“පකිස්ථානයට ගංවතුරෙන් ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට හැකි වන පරිදි ණය සහන සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් චීනය සම්බන්ධ කර ගන්නා ලෙස” යි.

ඔහුගේ පිළිතුරේ දී බිලාවල් ද ඒ හා සමානව ප්‍රබෝධමත් වුණා.

“පකිස්තානය-එක්සත් ජනපදය සමග සිටීම සම්බන්දව  මම සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. ඒ සම්බන්ධතාවය ඔරොත්තු දෙනවා පමණක් නොව, අපි කාලය පිළිබඳ පරීක්ෂණයට මුහුණ දී සිටිමු. ඒ වගේම අපි එකට වැඩ කරන විට අපි විශාල දේවල් අත්කර ගන්නා බව අපි ඉතිහාසය පුරා ඔප්පු කර ඇත්තෙමු. ඒ වගේම මම විශ්වාස කරනවා අපි එකට වැඩ නොකරන විට, අපි අඩපණ වෙනවා, එවිට වැරදීම් සිදු වනවා, ”බිලාවාල් පැවසුවේ උද්දාමයෙන්.

යුධ හමුදාපති සතිපතා සංචාරය

බිලාවල් ගේ සංචාරයෙන් පසුව ප්‍රබල පකිස්ථාන හමුදා ප්‍රධානියකු වන ජනරාල් ජාවෙඩ් බජ්වා එක්සත් ජනපදයේ සතියක සංචාරයක යෙදුණා. මෙය තීරණාත්මක සංචාරයක් වන අතර පකිස්තානයේ හමුදාව “එකම ස්ථාපිතය” වන අතර දේශීය හා ජාත්‍යන්තර ප්‍රශ්නවල අවසාන බේරුම්කරු වෙනවා. ඔක්තෝබර් 4 වන දින, ජෙනරාල් බජ්වා පෙන්ටගනයේ දී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමුවූ අතර එහි දී ඔහුට ජාතික ගීය වාදනය කරමින් “වැඩි ගෞරවයක්” ලබා දුන්නා.

බජ්වා ජාතික බුද්ධි අධ්‍යක්ෂ Avril D Haines සහ CIA අධ්‍යක්ෂ William J Burns හමුවීමට සහ බුද්ධි මණ්ඩලය ඇමතීමටත්, රාජ්‍ය ලේකම් බ්ලින්කන් සමඟ රැස්වීමක් ද සැලසුම්කර තිබුණා.

පකිස්තානය සහ එක්සත් ජනපදය සීතල යුද්ධයේ සිට පකිස්ථානය සෝවියට් විරෝධී, එක්සත් ජනපදය ප්‍රමුඛ CENTO සහ SEATO වැනි ගිවිසුම්වල කොටසක් වීමෙන් පසුව සමීප මිලිටරි සබඳතා පවත්වනවා. එක්සත් ජනපදය පාකිස්ථානය එහි පශ්චාත් 9/11 ‘යුද්ධය හෝ ත්‍රස්තවාදය’ වෙත යොමු කළා. එහෙත් යුද්ධය සිදු වූ ආකාරය දෙස දෙපාර්ශ්වයම නෙත් යොමා සිටියේ නැහැ. යුද්ධය පාකිස්තානය ගොදුරක් බවට පත් කළ බවට පාකිස්තානයේ ආයාචනය එක්සත් ජනපදය විසින් නොසලකා හරින ලද අතර පාකිස්තානය තලේබාන් සහ අල් කයිඩා ප්‍රධානී ඔසාමා බින් ලාඩන්ට රහසිගතව සහාය දෙන බවට චෝදනා කළා.  ඔවුන්ට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන ගණනක් ලබා ගත්තේ එවැනි තත්වයක් තුළයි.

කෙසේ වෙතත්, පකිස්ථානයේ මහජන මතය එක්සත් ජනපදයට එරෙහිව හැරුණු විට පවා, පකිස්ථාන හමුදාව පෙන්ටගනය සමඟ සබඳතා පැවැත්වුවා. අගමැති ඉම්රාන් ඛාන් තමන් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් එක්සත් ජනපදයට එරෙහිව චෝදනා කළ විට, හමුදා ප්‍රධානී ජෙනරාල් බජ්වා එය අනුමත කළේ නැහැ.

වොෂින්ටනය මීට පෙර ලබාදුන් F-16 ප්‍රහාරක යානා නඩත්තු කිරීම සඳහා පකිස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 460ක් පසුගියදා ලබාදී තිබුණා. ඉන්දියාව එයට විරෝධය පළ කළ විට, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ: “මේ (ඉන්දියාව සහ පකිස්ථානය) දෙගොල්ලන්ම එක් එක් අවධාරණයෙන් වෙනස් කරුණු සහිත අපගේ හවුල්කරුවන්” යනුවෙන් පකිස්ථානය සහ ඉන්දියාව වෙන් කරන බවයි.

පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී සහයෝගීතාව පිළිබඳ මෘදු ස්ථාවරයක් ගනිමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2022 අගෝස්තු මාසයේදී පැවසුවේ, පාකිස්තානය “ත්‍රස්තවාදයට එරෙහි ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුව සටන්කාමී කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ආයතනවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක ක්‍රියාත්මක කිරීම අසමාන වනවා. ත්‍රස්තවාදය වැළැක්වීම සහ දේශසීමා ආරක්ෂාව වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවලදී පාකිස්තානය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථා සොයන අතරම මෙම කණ්ඩායම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජනපදය දිගින් දිගටම පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා.

අනතුරු ඇඟවීමේ වචන

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට ලියමින් බෲකින්ස් ආයතනයේ මදිහා අෆ්සාල් කියා සිටියේ එක්සත් ජනපදය පකිස්ථාන හමුදාවෙන් “ගලවා ගත යුතු” බවයි. “පකිස්තානයේ මිලිටරිය එහි සිවිල් ආයතනවලට වඩා කාර්යක්ෂම ලෙස සලකනු ලැබුවද, එහි පෙළඹවීම් ඇමරිකාව සමඟ නොගැලපෙන බව නැවත නැවතත් පෙන්වා දී තිබෙනවා. පාකිස්තානයේ ප්‍රබල හමුදාව ඉන්දියාව සමඟ ඇති විය හැකි ගැටුමක් සඳහා සක්‍රීයව තබා ඇති අතර එහි ඔත්තු සේවා භයානක රාජ්‍ය නොවන සන්නද්ධ ක්‍රියාකාරීන් රාශියක් සමඟ සබඳතා වර්ධනය කර ගෙන තිබෙනවා.” යැයි ඇය පෙන්වා දුන්නාය.

අෆ්සාල් තර්ක කලේ, “සිවිල් ජනතාව කේන්ද්‍ර කරගත් ඇමරිකානු ප්‍රතිපත්තියක් පාකිස්තානයට තම හමුදාවෙන් ඉතිරිය ඉවත් කිරීමට උපකාර වන අතර, දිගු කාලීනව, පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇති බවයි. එය නිසැකවම පකිස්ථානයේ ලිබරල්වාදය සහතික නොකරන නමුත්, කලාපයට සහ පාකිස්තානයටම හානිකර බව ඔප්පු වී ඇති ජිහාඩ්වාදීන් සමඟ සබඳතා ඇතුළුව හමුදාව විසින් අනුග්‍රහය දක්වන ප්‍රවේශයන් කාලයාගේ ඇවෑමෙන් මැඩපැවැත්විය හැකි බවයි.

කෙසේ වෙතත්, අෆ්සාල් අනතුරු අඟවන්නේ: “මෙම ප්‍රවේශයට අවදානම් තිබේ. පකිස්තානයේ හමුදා සහ ඔත්තු සේවා ඔවුන්ගේ තත්ත්වය පහත හෙලීම ගැන සතුටට පත් නොවනු ඇති අතර, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම හෝ ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා පකිස්තාන ගුවන් සීමාවට ප්‍රවේශය සීමා කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව අඩු කිරීමෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන් තෝරා ගත හැකියි. විසන්ධි කිරීම (මිලිටරිය සමඟ) පකිස්ථානය තවදුරටත් චීනයේ ආයුධ වෙත තල්ලු කිරීමේ අවදානමක් ඇත, එය නොවැළැක්විය හැකිය.” යනුවෙනුයි.

ත්‍රස්ත විරෝධී සහයෝගීතාව සම්බන්ධයෙන්, එක්සත් ජනපද ඒකපාර්ශ්වික සම්බාධකවලට වඩා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) වැනි ජාත්‍යන්තර මුර බල්ලන් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ඇය පෙන්වා දුන්නා. FATF විසින් 2018 දී පකිස්තානය අළු-ලැයිස්තුගත කිරීම ලෂ්කාර්-ඊ-තායිබා සහ අනෙකුත් ජිහාඩ් කණ්ඩායම් මර්දනය කිරීමට එය පොළඹවා ඇති බව අෆ්සාල් පෙන්වා දුන්නා.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය සයිඩ් මොහොමඩ් අලි නිව්ස්ලයින් හි ලියමින් කියා සිටියේ එක්සත් ජනපදයට පකිස්ථානය සමඟ “ආරක්ෂක ආධිපත්‍යය දරන ද්විපාර්ශ්වික කටයුතු” අභිබවා ගොස් “වඩා තිරසාර, මානව කේන්ද්‍රීය සම්බන්ධතාවයක්” කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, එය සමඟ වඩාත් තිරසාර සම්බන්ධතාවයක් ඇති කර ගත හැකි බවයි. ඉලක්කය විය යුත්තේ “භූ දේශපාලනික ආරක්‍ෂාව” වෙනුවට “මානව ආරක්‍ෂාව” ගැන බව ආචාර්ය අලි පවසනවා.

චීන සාධකය

2022 මැයි 29 දින ටයිම්ස් සඟරාවේ ලිපියක ඔක්ස්ෆර්ඩ් විශාරද හසන් අලි අනතුරු ඇඟවූයේ එක්සත් ජනපදය පකිස්ථානයේ බලගතු චීන ගැති සාධකයකට එරෙහිව නැගී සිටින බවයි. ඔහු බිලාවල්ගේ ප්‍රකාශය පෙන්වා දුන්නා.  “මගේ පවුලේ පරම්පරා තුනම පකිස්තාන-චීන මිත්‍රත්වය සඳහා දැඩි ලෙස කැපවී සිටීම ගැන මම විශේෂයෙන් ආඩම්බර වෙනවා.”

හසන් අලිට අනුව, දේශපාලන වර්ණාවලිය පුරා ඇති සම්මුතිය නම් අනාගතය අයිති චීනයට බවයි, ඒ සමඟ පාකිස්තානයේ ම අනාගතයයි.

ලේඛකයා වසර ගණනාවක සිට විවිධ පුවත් වෙබ් අඩවි සහ දිනපතා පුවත්පත් සඳහා දකුණු ආසියාතික කටයුතු පිළිබඳ ලිපි සපයන නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු Hindustan Times, New Indian Express සහ Economist සඳහා කොළඹ හා චෙන්නායි සිට වාර්තා කර ඇත. එමෙන් ම ශ්‍රී ලංකාවේ Daily mirror සහ Ceylon Today සඳහා තීරු ලිපි සපයයි.

Factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!