spot_img
spot_imgspot_img

ගුරුවරයා සමඟ මත් වූ ගුරුවරිය, සිහි ලැබුණු පසු අතවර චෝදනා කරයි

පුවත්

විදෙස්

තමන් සේවය කරන පාසලේ ගුරුවරයකු විසින් තමන්ට මත්පැන් ලබා දී ලිංගික අතවරයක් කළා යැයි ගුරුවරියක විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

කුරුඳුවත්ත පොලිසිය මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට කරුණු වාර්තා කළේය.

පැමිණිල්ල කර ඇත්තේ කොළඹ පාසලක උගන්වන 25 හැවිරිදි තරුණ ගුරුවරියකි. ඇය පවසන්නේ තමන් සමඟ එකට සේවය කරන 35 හැවිරිදි ගුරුවරයකු පසුගිය 19 වැනි දා ගල්කිස්සේ සමාජ ශාලාවක ට තමන් කටුව ගිය බවයි. එහි දී නටමින් මත්පැන් පානය කරමින් විනෝද වූ බවත්, පසුව තවත් සමාජ ශාලාවකට දෙදෙනා ම ගිය බවත් ඇය පවසා තිබේ. පසුව කුරුඳුවත්ත ආසන්නයේ පිහිටි හෝටලයකට ගොස් රුපියල් 6,000.00 ක මුදලකට කාමරයක් වෙන්කරගෙන එදින රැය ගත කළ බවත් පසුව දා නැවත නිවෙස වෙත ගිය බවත් ගුරුවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම පැමිණිල්ලට අදාල ගුරුවරයා පොලිසියට කැඳවා ප්‍රශ්න කළ බව පොලිසියට අධිකරණයට කීවේය. ඔහු පවසා ඇත්තේ තමන් ඇය සමඟ රාත්‍රිය ගත කළේ ඇය ආරක්ෂා කිරීමට බවයි.

කුරුඳුවත්ත පොලිසිය මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් පසු අධිිකරණයට වැඩිදුර කරුණු වර්තා කරන බව ද පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!