spot_img
spot_imgspot_img

ගෝඨා-මහින්ද-බැසිල් සහ කබ්රාල් ආර්ථික ඝාතකයන් යැයි කියන පෙත්සම් විභාගයට ගනී

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදයට හේතු වූ පද්ගලයන් කිහිප දෙනකු නම් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් යන අයට එරෙහිව ගොනුකර තිබේ.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැති  මූලික කරුණු විමසුම අවසන් කරමින් මේ පෙත්සම් දෙක විභාග කිරීමට තීරණය කර ඇත.

එහිදී රජයේ විගණකාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ද නියෝග දෙකක් නිකුත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බු‍වනෙක අලුවිහාරේ, විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය, විනිසුරු මුර්දා ප්‍රනාන්දු, විනිසුරු විජිත් කේ. මලල්ගොඩ යන පිරිස තරීණය කළේය.

වත්මන් ආර්ථික අර්බුදයට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පාවීමට ඉඩ නොහැර රුපියල් 203.00ක රඳවා තබා ගැනීම හේතුවක් වූ බව පෙත්සම්කරුවන් කියා සිටියි. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට පියවර නොගැනීම යන කරුණු සම්බන්ධයෙන් සොයා බලා ලබන ජනවාරි මස 18 වැනි දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපිපතවරයාට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කර ඇත්තේ රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වෙනස්කිරීමට ඉඩ නොහැර එය 203.00 හි රඳවා ගැනීමට එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වගඋත්තරකරුවන් දෙදෙනා අතර හුවමාරු වී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් සොයා ලා ඒවායේ පිටපත් ද සමඟ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කරන ලෙසයි.

එමෙන් ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණී ජයමහ යන දෙදෙනා කෝප් කමිටුවේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදාල ලිපි ලේඛනවල පිටපත් ද නොවැම්බර් මස 30 වැනි දිනට පෙර ඉදිරිපත් කරන්න යැයි මහ බැංකුවේ මූල්‍ය මණඩලයට නියෝග කර තිබේ.

මෙම පෙත්සම් දෙක විභාග කිරීම ලබන ජනවාරි 09 වැනි දා ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!