spot_img
spot_img

ඔක්තෝබර් මාසය ළමයි වෙනුවෙන් “ගිෆ්ට්තෝබර්” කීරීමට හැටන් නැෂනල් බැංකුව පියවර ගනී

පුවත්

විදෙස්

ළමා දිනය යෙදී තිබුණු ඔක්තෝබර් 01 සිට “ගිෆ්ට්තෝබර්” ලෙස මාසයක කාලයක් ළමයින් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව ගාල්ල, අම්බලන්ගොඩ සහ මාතර හැටන් නැෂනල් බැංකු ශාඛාවන් හි ළමා දිනයේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්ක කෙරිණි.

“සිඟිති ළමා ගිනුම්” හිමි දරුවන් සහ එම ගිනුම් අලුතෙන් ආරම්භ කරන ළමයි බැංකු ශාකාවලට ගෙන්වා ඔවුන්ට ත්‍යාග පිරිනැමීම සිදුකෙරුණු අතර, විනෝද ක්‍රීඩා, ළමයින් අතර විනෝදාත්මක තරඟ, දැනුම වර්ධනය වන වැඩසටහන් පැවැත්වූ අතර ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ද සිදුවිය. එම බැංකු ශාකා වෙත පැමිණි සියලු දරුවන්ට සංග්‍රහයක් ද සංවිධානනය කර තිබූ අතර ළමා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි.

එමෙන් ම දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීම සහ ආයෝජනයේ වැදගත් කමත් ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් දෙමාපියන් දැනුම්වත් කිරීම ද සිදු කෙරිණි.

සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහකාර හැටන් නැෂනල් ශාඛා ජාලයේ සහකාර සාමාන්‍යාධිකාරී සහ ජාල කළමනාකරණ ප්‍රධානී සුපුන් ඩයස් සහභාගී වූයේ ය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!