කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 29,489 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,536 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 281ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,649 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 570
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 503
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 115
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 31
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 28
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ආසිරි සර්ජිකල් රෝහල් සමාගම 11%
- නවලෝක සමාගම 10%
- ආසිරි රෝහල් සමාගම 9.5%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 385
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 228
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 188
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 44ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 13
- සම්පත් බැංකුව රුපියල් මිලියන 08
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 06
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- පෝර්ට් ලෑන්ට් සමාග රුපියල් මිලියන 1.9
- ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 01
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 0.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ