spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් සිසුන් අතර ගැටුමකින් තිදෙනකු රෝහලේ

පුවත්

විදෙස්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර අද (03) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඇතුළත් කර ඇති සිසුන් දෙදෙනකුගේ හිසට තුවාල සිදුව ඇති බවත් අනෙක් සිසුවාගේ නාසයට හානි සිදුව ඇති බවත් වෛද්‍යවරු කියති.

අවස්ථා කිහිපයක දී විද්‍යාලය තුළ දී සිසුන් අතර ගැටුම් ඇති වී ඇති අතර එය පාලනය කිරීමට විදුහල්පතිවරයා පවා අපොහොසත් වී ඇතැයි දෙමාපියෝ චෝදනා කරති.

අද (03) දහවල් සිසුන් අතර ඇති වූ ගැටුමෙන් අනතරුව පාසලේ වෑන් රථයෙන් ම තුවාල ලැබූ සිසුන් කරාපිටයට ගෙනවිත් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිසුන් අතර අද ගැටුම ඇති වී තිබෙන්නේ පසුගිය සිකුරාදා (30) සිදු වූ ගැටුමක තවත් කොටසක් වශයෙන් බවත් මෙම ගැටුම අද අනිවාර්යයෙන් ම ප්‍රතිි ප්‍රහාරයක් එල්ල කරන බවට සිසුන් පිරිසක් තවත් පිරිසකට තර්ජනය කර තිබූ බවත් විදුහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් අද සවස කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් තුවාල ලැබූ සිසුන් හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

5 COMMENTS

  1. අසික්කිත අධම මාධ්‍ය භාවිතය.

    පාසල් වල සාමාන්‍යයෙන් ඇතිවන ගැටළු තමන්ගේ පේජ් හිට් කරවාගැනීමට සහ පාසල් වල කීර්තිනාමය විනාශ කිරීමට යොදාගන්නා අසික්කිත අධම මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු.
    පාසල් පරිපාලනය පිළිබඳ දූෂමාන ආරංචි ඇතිකොට සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකරගැනීමට කැසකවන කුමන්ත්‍රණකරුවන් හඳුනාගනිමු.

    • සම්පූර්ණ ඇත්ත. මගේ පාසල් ජීවිතේ මීට වඩා දේවල් උනා😂😂 මේව news නෙවේ.

    • >ඉස්කෝලෙ කාලෙ මෙලෝ බාහිර වැඩක් නොකර ළිං ගෙම්බෙක් වගේ ඉන්නව
      >ඉස්කෝලෙන් අවුට් වෙලා පේජ් එකක් හදා ගන්නව
      >හම්මට…..දැන් ඒක හිට් කොර ගන්නත් එපයි
      >කොහෙන් හරි කුණු ගොඩක් හොයා ගන්නව
      >අම්මට උඩු මේ තියෙන්නෙ බඩු.රිච්මන්ඩ් එකේ වලියක්
      >ඒක ගැන දන්න ඒවයි,තව නොදන්න පචයි අතින් දාල රහ කරල ලියනව
      >පේජ් එක හිට් කර ගන්නව

      ප.ලි. සජීව මහත්තයගෙ දෙමාපියන් උපත් පාලන ක්‍රම පිළිබදව හොද අවබෝදයකින් පසු උනා නම් මේ වගේ අපරාදයක් වෙන්නෙ නෑනෙ

  2. >ඉස්කෝලෙ කාලෙ මෙලෝ බාහිර වැඩක් නොකර ළිං ගෙම්බෙක් වගේ ඉන්නව
    >ඉස්කෝලෙන් අවුට් වෙලා පේජ් එකක් හදා ගන්නව
    >හම්මට…..දැන් ඒක හිට් කොර ගන්නත් එපයි
    >කොහෙන් හරි කුණු ගොඩක් හොයා ගන්නව
    >අම්මට උඩු මේ තියෙන්නෙ බඩු.රිච්මන්ඩ් එකේ වලියක්
    >ඒක ගැන දන්න ඒවයි,තව නොදන්න පචයි අතින් දාල රහ කරල ලියනව
    >පේජ් එක හිට් කර ගන්නව

    ප.ලි. සජීව මහත්තයගෙ දෙමාපියන් උපත් පාලන ක්‍රම පිළිබදව හොද අවබෝදයකින් පසු උනා නම් මේ වගේ අපරාදයක් වෙන්නෙ නෑනෙ

  3. ලංකාවේ ගහගන්න එකම ඉස්කෝලේ වෙන්න ඇති. ගොබ්බ පේජ් කාරයන් ඉන්නකම් මේවා හොට් නිවුස් වෙයි. හරි හමන් ඉස්කෝලෙකට ගියා නම් මෙහෙම වෙන්නේ නෑ ඇඩ්මින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!