spot_img
spot_img

තිරිඟු පිටි මිල 250ට අඩු කිරීමේ සැළැස්මක්

පුවත්

විදෙස්

ඉදිරි සතියේ දී තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 250.00 දක්වා පහළ දැමීමට හැකිවනු ඇතැයි  වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (03) පාර්ලිමේන්තුවේ දී රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 450.00කට අළෙවි වන බව පවසමින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේ තිරිඟු පිටි සහිත කන්ටේනර් 100ක් පමණ මේ වනවිට වරායට ලැබී තිබෙන බවයි. තුර්කියෙන් සහ ඩුබායි වෙතින් ලැබී ඇති එම තිරිඟු පිටි ගොඩබෑම සිදුකරන බවත් තිරිඟු පිටි තොග ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් පිටි මිල ඉහළ ගිය බවත් අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!