spot_img
spot_img

පොලිස් වෙඩි පහරින් නොසිතූ ලෙස දිවි අහිමි වූ තරුණිය

පුවත්

විදෙස්

මීරිගම, දංඕවිට ප්‍රදේශ‍යේ දී බසයක ගමන්ගත් කාන්තාවක් ඊයේ (02) වෙඩි වැදී මියගියේ පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් විය හැකියැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ශ්‍යාමලී නමැති තරුණියකි. ඇය ඉඳුරුව සංචාරක හෝටලයක සේවකය කර ඇත. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක් වන එම තරුණිය කහටගස්දිගිලිය සිට කොළඹ දක්වා ගමන්කරමින් තිබූ බසයක  පිටුපස ආසනයේ සිටිය දී මෙලෙස වෙඩි පහරට ගොදුරු වී තිබේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිට හන්දියේ දී කොල්ලකරුවන් පිරිසකට පොලිසිය වෙඩි තැබීමෙදී ඇයට වෙඩි වැදී ඇති බවට සැකකරයි.

දංඕවිට තැබෑරුමක් කොල්ලකන බවට ‍ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ළඟාවන විට කොල්ලකරුවන් මෝටර් රථයේ නැගී පලාගොස් ඇත. එම අවස්ථාවේ දී පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොල්ලකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළලත්ව සිටිය දී ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!