spot_img
spot_imgspot_img

කාන්තාවන්ට සහනයක් දීමට රජයෙන් විශේෂ තීරණ කිහිපයක්

පුවත්

විදෙස්

සනීපාරක්ෂක තුවා දේශීයව නිපදවීම සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක බදු සියල්ල ඉවත්ිකරීමටත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

ඒ අනුව සනීපාරාක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 60.00ක පමණ මුදලකින් අඩුවීමට නියමිතය.

ආනයනික සනීපාරක්ෂක තුවා පැකට්ටුවක සිල්ලර මිල දී 19%කින් පමණ අඩුවීමට නියමිතය.

ඒ අනුව රේගු ආනයනය මත 15%ක රේගු ආනයනය බද්ද 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේ දී ඉවත් වනු ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද සම්පූර්ණයෙන් ම ඉවත්කර තිබේ. එම ප්‍රතිලාභය නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා ආනයනකරුවන්ට ද හිමිවෙයි.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මිල ඉහළ ‍ ගොස් ඇතැයි නිෂ්පාදකයන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!