spot_img
spot_imgspot_img

දේශපාලන පදයට නටන දකුණේ ආණ්ඩුකාරවරයා, පළාත් රාජ්‍ය සේවයම අවුල් ජාලයක් කරලා

පුවත්

විදෙස්

දකුණු පළාත් සභාවේ සියලුම සේවාවන්ට අදාල රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගාල්ල පළාත් පාලන ආයතන කිහිපයක දේශපාලනඥයගේ ඉල්ලීම මත වෙනස් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කිරීම හේතුවෙන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි වෘත්තීය සමිති රැසක් චෝදනා කරයි.

2022 වර්ෂයේ දකුණු පළාත් රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම ජුනි ම 01 වැනි දා නියමිතව තිබුණ ද රටේ පැවැති වාතාවරණය හේතුවෙන් එම ස්ථාන මාරුවීම් 2023-01-01 සිට ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් 2022-04-30 දින නිකුත් කරන ලද ලිපියකින් දැනුම් දී තිබිණි.

මේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දැමීම හේතුවෙවන් ඇතිවන දුෂ්කරතා ඇත්නම් ඒවා අධ්‍යයනය කර නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළලත් වාර්තාවක් ද අදාල බලධාරීන් වෙත යොමු කිරීම ජූලි මස 31 වැනි දිනට පෙර සිදුකරන ලෙස ද එම ලිපියෙන් දැනුම් දී තිබිණි.

ඒ සඳහා සියලු වෘත්තීන් එකඟ වී තිබිය දී ප්‍රධාන ලේකම්වරයා විසින් ම සැප්තැම්බර් මස 05 වැනි දා ලිිපියක් යොමු කරමින් සියලු ලේකම්වරුන්ට, ආයතන ප්‍රධානීන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ සියලු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ඔක්තෝබර් මස 03 වැනි දා සිට ක්‍රියාත්මක විය යුතු බවයි.

ස්ථානමාරුවීම් ලබා ඇතිි කිසිදු නිලධාරියකු නියමිත දිනයෙන් පසු නිදහස් නොකර රඳවා නොගත යුතු බව ද අනුප්‍රාප්තික නිලධාරීන්න පැමිණෙන තෙක් ඔවුන් රඳවා නොගෙන නව සේවා ස්ථානයන් හි රාජකාරී බාර ගැනීටම හැකිවන පරිදි ඔවුන් සේවයෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතුයැයි ද එහි සඳහන් කර ඇත.

2022 වර්ෂයේ ස්ථාන මාරුවීම් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීමට දින ආසන්න වෙමින් තිබිය දී දකුණු පළාතේ වැඩ බලන ආණ්ඩුකාර ලේකම් දිලේඛා කුඩච්චි 28 වැනි දින තවත් ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියත් සමඟ සියලු මාරුවීම් අවුල් ජාලාවක් වී ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.

එහි දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ආණ්ඩුකාරවරයා පැවැත්වූ සාකච්ඡාවකින් පසු එළැඹි තිරණ අනුව දකුණු පළාතේ සියලු ම පළාත් පාලන ආයතනවල සේවයෙ නියුතු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ස්ථාන මාරුවීම් 2023 මාර්තු 31 වැනි දා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

දිලේඛා කුඩච්චි විසින් නිකුත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ එසෙ ස්ථාන මාරු කාලය දීර්ඝ කළ යුතු නිලධාරින්ගේ, ස්ථාන මාරු කාලය දීර්ඝ කිරීමට හේතු අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු බවයි. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව ලැබෙන ඉල්ලීම් සඳහා පමණක් එය වලංගු වනව බවත් පළාත් පාලන ආයතනවල සේවයේ යෙදී සිටිය ද 2022 නියමිත වාර්ෂික ස්ථාන මාරුවීම් මත නව සේවා ස්ථාන වෙත යාමට කැමැත්තෙන් සිටින නිලධාරීන්ට මාරුවීම් දිය යුතුයැයි ද එම ලිපියේ සඳහන් කර ඇත.

දකුණු පළාත් රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති කිහිපයක් ම ඊයේ (29) පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් හමු වී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතත් ඔහු පවසා ඇත්තේ ආණ්ඩුකාර ලේකම් දිලේඛා කුඩච්චි විසින් නිකුත් කර ඇති ලිපිය අනුව කටයුතු කිරීමට සිදුවන බවයි.

මෙය දේශපාලන තීන්දුවක් බවත්, පළාත් පාලන ආයතනවල දේශපලනඥයන්ට මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු තමන්ගේ හිතවතුන් රාජකාරියේ තබා ගැනීමේ අවශ්‍යතාව මත මේ තීරණය ගෙන ඇති බවත් ඔවුහු චෝදනා කරති. ගාල්ලේ ඇතැම් පළාත් පාලන ආයතනවල තාක්ෂණ නිලධාරී සිය පළමු පත්වීමේ සිට එකම ආයතනයක සේවය කරන අතර එවැනි ඇතැම් සේවකයන්ගේ සැමියාට හෝ බිරිඳට කොන්ත්‍රාත් ලබා ගැනීමේ බලපත්‍ර ඇති බැවින් මන්ත්‍රීවරු ඒ බලපත්‍රයට කොන්ත්‍රාත් ලබාගන්නා බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. දකුණු පළාත් සභාවේ පළාත් පාලන ආයතන නියෝජනය කරන කොන්ත්‍රාත්වලින් යැපෙන මහජන නියෝජිතයන්ගේ ඉල්ලීමට ආණ්ඩුකාරවරයා දේශපාලන තීන්දුවක් ගෙන ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

පළාත් කළමනාකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න දියුණගේ මෙසේ කීවේය.

“මේ වාර්ෂික ස්ථානමාරුවීම් වලට සියලු වෘත්තීන් එකඟ වෙලා තිබුණා. නමුත් දැන් අරගෙන තියෙන අත්තනෝමතික තීරණයට අපි විරුද්ධයි. කලින් පැවසූ ආකාරයට ඔක්තෝබර් 03 හෝ ජනවාරි 01 වැනි දා සියලු මාරුවීම් ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඒක මාර්තුවලට කල් දැමීමෙන් මාරුවීම් ක්‍රියාවලිය ම අවුල් ජාලාවක් බවට පත්වෙනවා. මෙය දේශපාලන වුවමනාවට, පළාත් පාලන සභිකයන්ගේ කොන්ත්‍රාත් ඇතුළු ව්‍යාපාර ආරක්ෂා කරගන්න කරපු දෙයක් බව පැහැදිලියි”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා සංගමයේ ලේකම් සුනිල් කන්නන්ගර කියා සිටියේ තම වෘත්තීය සමිතිය මෙම තීරණයට තරයේ විරුද්ධ බවයි. පළාත් පාලන ආයතනවල සේවකයන් මාරුවීම් නොමැතිව සිටීමේ අවස්ථාවක් දීමෙන් සියලු සේවාවන්ට එහි බලපෑමක් සිදුවන බවත් මීට පෙර ගනු ලැබූ තීරණය අනුව සියලුම සේවාවන්හි රාජ්‍ය සේවකයන් එකවිට මාරු කළ යුතු බවත් හෙතෙම පවසයි.

සංවර්ධන නිලධාරී උපාධිධාරී සංගමයේ දකුණු පළාත් සංගමයේ සභාපති ටී.වන්නිආරච්චි ද පවසන්නේ මෙලෙස එක් කොටසක් පමණක් සැළසුම් කළ පරිදි මාරුවීම් නොකිරීමෙන් 2023 වර්ෂයේ ස්ථානමාරුවීම්වල පවා ගැටලු ඇතිවන බවයි.

දකුණු පළාත් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයෝ අද (30) දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හමුවීමට නියමිතව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!