spot_img
spot_imgspot_img

ප්‍රාදේශීය සභාවේ, සභාපති ධූරය කාසියේ වාසියෙන් එජාපයට හිමිවෙයි

පුවත්

විදෙස්

මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සිසිර රණසිංහ කාසියේ වාසියෙන් ඊයේ (27) තේරී පත්වූයේය.

මෙම සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් චමින්ද කරුණාරත්න සහ රවිප්‍රිය චාමිකර ද, එක්සත් ජාතික පක්ෂයෙන් සිසිර රණසිංහ ද යෝජනා ස්ථිරත්වයෙන් සභාපති ධූරයට තරඟ කළහ.

එහි දී චමින්ද කරුණාරත්න ඡන්ද 10ක් ලබාගත් අතර රවිප්‍රිය චාමිකර ඡන්ද 02ක් ද සිසිර වික්‍රමසිංහ ඡන්ද 08ක් ද හිමිකරගෙන තිබිණි. අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ චාමිකර ඉවත්කර යළිත් ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එහි දී සභාපති අපේක්ෂකයන් දෙදෙනා වූ චමින්ද කරුණාරත්න සහ සිසිර වික්‍රමසිංහ දෙදෙනා ඡන්ද 10 බැගින් ලබාගත්තේය.

මෙම ඡන්දය මෙහෙයවූ මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් කාසියේ වාසිය අනුව සභාපතිවරයා තෝරාගැනීම සිදුවන බව ප්‍රකාශ කළේය. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ සභාපති ධූරයට පත්වූයේය.

පොදු ජන පෙරමුණ නියෝජනය කරන එක් අපෙක්ෂකයකු වූ රවිප්‍රිය චාමිකර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දී ඇතැයි පවසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පිරිස පාලනය කිරීමට පොලිසිය පවා කැඳවීමට සිදුවිය.

ගඟවට ප්‍රාදේශීය සභාවේ නියෝජිතවරු 21ක් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ 09 දෙනකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 09 දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 02 දෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු එහි සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ නියේජිතයා මෙම ඡන්ද විමසීමේ අවස්ථාවට පැමිණ සිටියේ නැත.

අවසන්වරට පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු සභාව පිහිටුවන අවස්ථාවේ දී එහි සභාපති ධූරයට පත්වූයේ සුභාෂ් යටවරයි. අයවැය පරාාජය වීම හේතුවෙන් ඔහුට සභාපති ධූරය අහිමි වූ පසු ශ්‍රී ලංක පොදු ජන පෙරමුණේ ඩී.ඒ.ධර්මසේන සභාපති ධූරයට පත්විය. අසනීප තත්වයක් හේතුවෙන් නිවාඩු ලබා සිටි ඔහු මියයාම හේතුවෙන් නව සභාපතිවරයකු පත්කර ගැනීමේ කටයුතු ඊයේ (27) සිදුකෙරිණි.

මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු සභාපති සුභාෂ් යටවර ඉදිරිපත් වුව ද නීතිමය කරුණු හේතුවෙන් ඔහුට අපෙක්ෂකත්වයෙන් ඉවත්වීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!