spot_img
spot_imgspot_img

ආගමික නායකයන්ගේ බොරුව, විදුලි බිල සහ ජනතාව. විදුලි බිලේ ඇත්ත කතාව මෙන්න

පුවත්

විදෙස්

ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම අසාධාරණය යැයි ද පවසමින් ඇතැම් හිමිවරු විදුලිබිල අඩුකර දෙන්න යැයි ජනාධිපතිවරයා ඇතුළ රජයෙන් දිගින් දිගටම ඉල්ලීම කරමින් සිටියි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතා මතය දැන ගැනීම සඳහා rata.lk සමීක්ෂණයක් සිදකළ අතර එම සමීක්ෂණයේ දී අදහස් දැක්වූ 97%කට වැඩි පිරිසක් කියා සිටියේ බෞද්ධ විහාරස්ථාන ඇතළු ආගමික ස්ථානවල විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමන් එකඟ බවයි. එම සමීක්ෂණයේ ප්‍රතිඵල සඳහන් කරමින් අප සැකසූ ලිපිය මෙතැනින්.

මේ අතර විදුලිය පරිභෝජනය කරන ආගමික ස්ථාන පිළිබඳ සංඛ්‍යාලේඛන සොයා බැලූ විට පෙනී යන්නේ ආගමික ස්ථාවල මෙතෙක් සහනදායී ක්‍රමයට විදුලිය ලබාගත් සම්බන්ධතා 48,682ක් ඇති බවයි. ඇතැම් ආගමික ස්ථානවලට විදුලි සම්බන්ධතා එකකට වැඩි ගණනක් තිබෙන බැවින් මෙය ආගමික ස්ථාන සංඛයාවට සමානුපාතික නැත.

විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි බිල් අයකිරීමේ දී ගෘහස්ථ, ව්‍යාපාරික, හෝටල් සහ පුණ්‍යායතන යනුවෙන් වරගීකරණය කර ඇති බවයි.

ඒ අනුව ආගමික ස්ථාන 15,195ක් භාවිතා කරන්නේ මාසයකට විදුලි ඒකක 30කට අඩු ප්‍රමාණයකි. මෙවැනි ආගමික ස්ථානයක විදුලි බිල මාසයකට උපරිම රුපියල් 330.00කි.

ආගමික ස්ථාන 11,151ක් විදුලි බිල කලින් රුපියල් 2850.00 සීමාවේ පැවති බවත් මේ නව සංශෝධන අනුව එම බිල රුපියල් 1,260.00ක උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර ආගමික ස්ථාන 3,852ක මීට පෙර පැවති උපරිම විදුලි බිල රුපියල් 607.00 වූ අතර නව සංශෝධනයෙන් එය උපරිම රුපියල් 1,860.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාසිකව විදුලි ඒකක 120-180ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ආගමික ස්ථාන සංඛයාව 5,897කි. එවැනි ස්ථානයක උපරිම විදුලි බිල වන්නේ රුපියල් 3,990.00

මහා සංඝරත්නය රජයට තර්ජනය කරමින් විහාරස්ථානවල විදුලිය නිවා දමන බවත්, ශබ්ද විකාශන නවත්වන බවත් පවසන්නේ එම ස්ථානවල විදුලි බිල රුපියල් 3,990.00ට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

මෙවැනි ආගමික ස්ථාන ශ්‍රී ලංකාව පුරාම ඇත්තේ 12,586කි.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේදාස පවසන්නේ මෙවැනි අදහසකි.

“රුපියල් 3,990.00ට වඩා විදුලි බිලක් යම් ස්ථානයකට එනවනම් ඒ විදුලි බිල වහාම අඩුකරගත යුතුයි. අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනය කළේ 2014 වර්ෂයේ දී. ආගමික ස්ථානවලට සහනදායී මුදලකට විදුලිය ලබාදී තිබුණා. ඒක ඇත්ත. නමුත් විදුලි බල මණ්ඩලය ඛනිිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් රුපියල් බිලියන 80ක් ණයයි. ආගමික ස්ථාවලට සහනය දෙද්දී ඒක අයකරගත්තේ ජනතාවගෙන්. දැන් ඒ බර නැවත ජනතාව මතට පටවන්න බෑ. මේ වගේ අධික පරිභෝජනයක් තියෙන ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ දැමීමෙන් අඩුම ගණනේ විදුලි බිල පාලනය කරන්නවත් පුළුවන් වේවි. මේ බර ජනතාව පිට දැම්මොත් නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන්න වෙනවා. අපි මහජන උපයෝගීතා කොමිසමට විදුලි බිල සංශෝධනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කළ යොජනාව අනුව ඉල්ලූ ගාස්තුවලින් 60%යි තවමත් දී තිබෙන්නේ ආගමික ස්ථාන 12,586කට අධික විදුලි පරිභෝජනය නිසා මේ මිල දරාගන්න බෑ කියලා සහනාධාර ඉල්ලනවා. සහනාධාර දෙනවානම් ඒක ගෘහස්ථ, ව්‍යාපාරික සහ හෝටල් යන කාණ්ඩවලින් අයකරගන්න වෙනවා. ආගමික ස්ථානවල අධි පරිභෝජනය අයකරගන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!