කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 30,107 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,017 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,964 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 394
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 237
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 151
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 25
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 15
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ගෝල්ෆේස් කැපිටල් සමාගම 17%
- නේෂන් ලංකා සමාගම 16%
- ඒෂියා සියාකා සමාගම 15%
සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු
- සීඅයිසී සමාගම කොටස් 241,000ක් රුපියල් 85.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 150,000ක් රුපියල් 143.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 432
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 246
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 197
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 53ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 24
- හේලීස් සමාගම රුපියල් මිලියන 20
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 5.9
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 11
- ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 08
- නේෂන් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ