spot_img
spot_imgspot_img

ගල්අඟුරු ගෙන්වීමට නැවත ටෙන්ඩර් කැඳවන බව ඇමති කියයි

පුවත්

විදෙස්

ගල්අඟුරු ආනයනය කිරීම සඳහා ප්‍රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (22) පියවර ගෙන තිබේ.

මෙලෙස ටෙන්ඩරය අවලංගු කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමකට අනුවය.

එම ටෙන්ඩරයේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව හේතුවනේ මෙම තීරණය ගත් බවත් ඉදිරියේ දී දීර්ඝකාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා නව ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කරන බවත් ඇමති කංචන විජේසේකර පවසයි.

දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගන්නා බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!