spot_img
spot_imgspot_img

අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයට කැඳවයි

පුවත්

විදෙස්

අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටයුතු නොකර අධිකරණයට අපහාස කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 16 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 05 දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස අද (23) නියෝග කර තිබෙබ්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ වැටුප් ගෙවන්න යැයි දෙන ලද අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකිරීම මෙයට හේතු වී තිබේ.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.ඒ.සනත් කුමාර, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.මෙන්ඩිස්, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්.වීරසේකර, සබරගමුව ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මෙලෙස අධිකරණයට කැඳවා තිබේ.

පොලිස් පරීක්සක සුගත් මෙන්ඩිස් වැඩ තහනමකට ලක්ව සිටි අතර ඔහුගේ නීතිඥවරු ඉදිරිපපත් කළ මෝසමක් ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කො‍රයා එම අවස්ථාවේ කියා සිටියේ වැඩ තහනමට ලක්ව සිටින තම සේවාදායකයාට වැටුප් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි මස 08 වැනි දා නියෝගයක් නිකුත් කළ ද එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක නොවූ බවයි.

පෙත්සම්කරු සුදත් මෙන්ඩිස් අධිකරණය හමුවේ සිය පෙත්සමේ සඳහන් කර තිබුණේ මරණීය දණ්ඩය නියම වී සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ දී අසත්‍ය සාක්ෂි නිර්මාණ්‍ය කළේ යැයි අත්අඩංගුවට ගත් ශානි අබේසේකරට එරෙහිව අසත්‍ය සාක්ෂි ලබාදෙන මෙන් පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් අත්අඩංගුවට ගත් බවයි.

2020 වසරේ අගෝස්තු මස 03 වනදා සිට තම වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!