spot_img
spot_imgspot_img

“අපිටත් ව්‍යාපාරිකයන්ට සේ සළකන්න” -මැදගොඩ අභයතිස්ස හිමි ඉල්ලයි. විදුලි ඒකක 1,000කට වඩා භාවිතා කරලා

පුවත්

විදෙස්

තමන්ට විදුලි ගාස්තු ගෙවීමට හැකිවුව ද එය ගෙවන්නේ නැතැයි මැදගොඩ අභයතිස්ස හිමි කියයි.

මීට පෙර රුපිය්ල 12,000ක් ලෙස පැවැති විහාරස්ථානයේ මාසික බිල්පත මේ වනවිට රුපියල් 60,000ක් ඉක්මවා ගොස් ඇතැයි ද ඒ හිමියෝ කියති. විහාරස්ථානයක විදුලි ඒකක 180 ඉක්ම වූ විට ඒකකයට රුපියල් 65ක් බැගින් අයකරන බව ද ව්‍යාපරික ස්ථානයකින් ඊට වඩා අඩු මුදලක් අයකරන බව ද මැදගොඩ අභයතිස්ස පෙන්වා දෙයි.

ආගමික ස්ථානවලට නොදෙන සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමකින් ද යන්න හිමියන් ප්‍රශ්න කරයි.

නමුත් කිසිදු විහාරස්ථානයකින් රැකියා උත්පාදනයක් හෝ නිෂ්පාදනයක් සිදු නොකරන අතර ජාතික විදුලි පද්ධතියෙන් විදුලි ලය ලබාගන්නා මේ විහාරස්ථාන දෛනිකව අතිවිශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වීම සිදු කරයි. ව්‍යාපාරික ස්ථාන රටේ ආර්ථිකයට දායක වෙයි.

මැදගොඩ අභයතිස්ස හිමි පවසන්නේ ව්‍යාපාරිකයන්ට විහාරස්ථානවලට වඩා අඩු මුදලකට විදුලිය දෙන බව වුව ද විදුලි ඒකකය ක මිල පහත සඳහන් පරිදි වෙයි.

විහාරස්ථානයක් සඳහා

00 – 30 දක්වා ඒකකයක් රුපියල් 8.00 ස්ථාවර ගාස්තුව රුපියල් 90.00

31-90 දක්වා ඒකකයක් රුපියල් 15.00 ස්ථාවර ගාස්තුව 120.00

91-120 දක්වා ඒකකයක් රුපියල් 20.00 ස්ථාවර ගාස්තුව 120.00

121-180 දක්වා ඒකකයක් රුපියල් 30.00 ස්ථාවර ගාස්තුව 450.00

180 ට වැඩි නම් ඒකකයක් රුපියල් 65.00 ස්ථාවර ගාස්තුව 1500.00

ව්‍යාපාරිකයන් සඳහා ඒකක 180ට වඩා වැඩි වන්නේ නම් සෑම ඒකකයක් ම රුපියල් 32.00 ක් ලෙස ගණනය කරයි.

මැදගොඩ අභයතිස්ස හිමි පවසන පරිදි මෙම මාසයේ විදුලි බිල රුපියල් 60,000.00ක් වූයේ නම් එම විහාරස්ථානය මාසයකට ඒකක 1,000කට වඩා එම මාසයේ භාවිතා කර තිබේ.

ආගමික ස්ථානයක් සඳහා ඒකක 1,000ක් භාවිතා කරන්නේ නම් ගණනය කිරීම අනුව එහි බිල රුපියල් 58,340.00කි. යම් විහාරස්ථානයක ඒකක 500ක් භාවිතා කර ඇත්නම් එහි බිල රුපියල් 25,840.00කි. එතරම් විදුලි ඒකක ප්‍රමාණයක් විහාරස්ථානයකට අවශ්‍ය ‍ද යන්න දැන් ප්‍රශ්න කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!