spot_img
spot_imgspot_img

බද්දේගම විදුහල්පතිනියගේ පියා වෙනුවෙන් වැලපෙන්න ප්‍රාථමික ළමයි සියලු දෙනා කැඳවයි

පුවත්

විදෙස්

ගාල්ලේ බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ විදුල්පතිනියගේ පියාගේ අවමඟුලට ප්‍රාථමික අංශයේ සිසුවියන්ට පාසල් නිල ඇඳුමින් සැරසී සිය දෙමාපියන් ද සමඟ සහභාගීවන්න යැයි එම පාසල නිල‍ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ පාසලේ සේවය කරන බෞද්ධ භික්ෂුවකගේ සහ නියෝජ්‍ය විදුහල්පතිනියගේ යෝජනාවක් මත පාසල් කළමනාකරණ කමිටුව විසින් ගන්නා ලද තීරණයක් අනුව යැයි දැනගන්නට ඇත.

නමුත් විදුහල්පතිනියගේ පියා මියගිය විට එලෙස ප්‍රාථමික අංශයේ දරුවන්ට අවමඟුලට සහභාගීවන ලෙස නිල වශයෙන් දැනුම්දීම කොතරම් දුරට නීත්‍යානුකූල කාර්යයක් ද යන්න ගැටලුවකි. මෙය විදුහලේ විදුහල්තිනියගේ මියගිය පියාට අවසන් ගෞරව දැක්වීමට බලහත්කාරයෙන් දරුවන් යොමුකිරීමක් මෙන්ම දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ට කරන අහිතරක බලපෑමක් ද‍ වෙයි.

මේ සම්බන්ධයෙන් පාසලේ පරිපාලන වගකීමක් දරන හසන්ති ගුණවර්ධනගෙන් විමසූ විට ඇය කියා සිටියේ ඒ ඒ පන්තිවල දැරියන්ට අවමංගල්‍යය සඳහා සහභාගී වීමට වේලාව වෙන් කර ඒ බව වට්ස් ඇප් ගෲප්වලට දැනුම් දී ඇති බවයි.

විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියක් වන ඉරෝෂිකා හේවගේට ඇමතූ විට කියා සිටියේ කිසිදු දරුවකුට අනිවාර්යයෙන් සහභාගී වන්න යැයි දැනුම් දී නැති බවයි.

නමුත් මේ පණිවිඩය යවා ඇත්තේ වට්ස් ඇප් සමූහ වෙත බව ඇය පිළිගත්තාය. පාසලේ පන්ති සහ ඒ ඒ අංශ සඳහා නිර්මාණය කර ඇති වට්ස් ඇප් සමූහ වෙත “ප්‍රාථමික අංශ ප්‍රධානී” යන නමින් දැනුම් දීමක් කළ විට එය නිල දැනුම් දීමක් ලෙස සැළකීම දරුවන් සහ දෙමාපියන් විසින් පිළිගැනීම නිරායාසයෙන් ම සිදුවෙයි

වට්ස් ඇප් සමූහ වෙත යවා ඇති නිවේදනය පහත දැක්වෙයි.

“විදුහල්පතිතුමියගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් ඒ පිළිබඳ අවසන් කටයුතු 18 වන ඉරු දින සවස 6.00ට බද්දේගම ආදාහනාගාරයේ දී සිදු කරනු ලබයි. එබැවින් ප්‍රාථමික අංශයේ සියලු සිසුන් දෙමව්පියන් සමඟ නිල ඇඳුමෙන් සැරසී සෙනසුරාදා දින දේහය තැන්පත් කර ඇති පෝද්දල නිවසට සහභාගී වන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.” ප්‍රාථමික අංශ ප්‍රධානී.

මෙය ප්‍රාථමික අංශයේ සිසුවියන්ට කරන බලපෑමක් බව පැහැදිලියි. පාසලෙන් මාරු වීම් ලබා ගාල්ල නගරයේ පිහිටි පාසලකට ගොස් නැවත විදුහල්පතිතුමියගේ අනුහසින් අනුයුක්ත සාදා ගෙන ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයට ම අරක්ගෙන සිටින පාලකයන්ට සහ විදුහල්පතිවරියගෙන් ලකුණු දමා ගැනීමට උත්සාහ ගන්නා පරිපාලනයට සම්බන්ධ පුද්ගලයන්ට ඒ ගැන අවබෝධයක් නැත.

ඔවුන්ට තම හිතවත් විදුහල්පතිනියගේ පියා වෙනුවෙන් අඬා වැළපෙන්නට පවා අයිතියක් ඇතත් දරුවන් අවභාවිතා කරන්නට කිසිදු නීතිමය අවසරයක් නැත.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ සිද්ධිය පිළිබඳ අනිවාර්යයෙන් ම පරීක්ෂණයක් පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!