spot_img
spot_img

ක්‍රීඩකයන්ට ලැබිය යුතු ගෞරවය දේශපාලකයන් උදුරාගන්න එපා යැයි ජනපති කියයි

පුවත්

විදෙස්

ආසියානු ශූරතා දිනාගෙන ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට ගොස් ක්‍රීඩිකාවන් අතර කැපී පෙනීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

නැටුම් කණ්ඩායම් විසින් දැල් පන්දු කණ්ඩායම පිළිිගන්නා අවස්ථාවේ දී ඔහු එම කණ්ඩායම හමුවේ හොඳින් කැපී පෙනෙන අයුරින් මධ්‍යයෙන් ගමන් කරන ආකාරයත් ජයග්‍රහණයට හේතු වූයේ ඔහුගේ රහස් බවත් ක්‍රීඩා නිලධාරිනියක් පැවසීමත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබිණි

ඔහු මේ පිළිබඳ ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එය වැරදි මතයක් බවයි.

“මම පුංචි කාලේ ඉදලම ක්‍රීඩාව කරපු කෙනෙක්, පාපන්දු, හොකී, ක්‍රිකට්, මළල ක්‍රීඩා, ටේබල් ටෙනිස් මේ ආදී වශයෙන් විවේචනය කළත් මම නොසැලී මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන්න කැපවී වැඩ කරනවා. ජයග්‍රහණය මගේ අවශ්‍යතාවක්.”

මේ අතර ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් කණ්ඩායමට සහ විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ පදක්කම්ලාභීන් ද ඇගයීම වෙනුවෙන් පැවැති උත්සවයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයේ ගෞරවය දේශපාලකයන් විසින් ලබාගන්නා යුගය නිමාවට පත්කරන බවයි. මේ ජයග්‍රහණය තනිකරම ක්‍රීඩාවට කැප වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවිය යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!