spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 43,681 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,330 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 158කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,072  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,086
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 598
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 401

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 15
  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 25%
  • නේෂන් ට්‍රස්ට් බැංකුව (X) 24.8%
  • එච්.බී.එස්.සී සමාගම 24%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස්  මිලියන 3.76ක් රුපියල් 230.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 280,000 රුපියල් 150.00 බැගින්
  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 27.60 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 2.7ක් රුපියල් 39.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 257
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 209

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 1,070ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 793 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 945
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 18
  • හේලීස් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 100
  • ලයන් බෲවරි රුපියල් මිලියන 20
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!