කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 43,681 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,330 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 158කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,072 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,086
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 598
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 401
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 15
- එච්එන්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 25%
- නේෂන් ට්‍රස්ට් බැංකුව (X) 24.8%
- එච්.බී.එස්.සී සමාගම 24%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 3.76ක් රුපියල් 230.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 280,000 රුපියල් 150.00 බැගින්
- රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 27.60 බැගින්
- සම්පත් බැංකුව කොටස් මිලියන 2.7ක් රුපියල් 39.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 257
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 209
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,070ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 793 මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 945
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 18
- හේලීස් සමාගම රුපියල් මිලියන 02
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 100
- ලයන් බෲවරි රුපියල් මිලියන 20
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 18
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ