spot_img
spot_imgspot_img

ලෝක‍යේ පැරණි ම මානව දත හමුවෙයි

පුවත්

විදෙස්

ජෝර්ජියාවෙන් සොයාගත් මානව දතක්  වසර මිලියන 1.8ක් පැරණි බවත් එය අප්‍රිකාවෙන් පිටත ජීවත් වූ මුල්කාලීන මනාව විශේෂයක පැරණිතම සාක්ෂියක් බව පුරාවිද්‍යාඥයෝ කියති.

වත්මන් මානවයාට සමාන ශරීර අනුපාතයක් සහිත පැරණි මානව විශේශයන්ගේ පළමුවැන්නා වන හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ වැඩිහිටියකු‍ගේ දතක් බව තහවරු කරගෙන ඇත.

ජෝර්ජියාවේ ඔරොස්මානි ගම්මානයෙන් පිටත සේවය කරමින් සිටි බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යා ශිෂ්‍යයකු වන ජැක් පීට් විසින් මේ දත සොයාගෙන තිබිණි. එම ස්ථානයේ සිදුකරන ලද කැණීම්වලින් අස්ථි කොටස් කිහිපයක්, ගල් ආයුධ, ආයුධ සෑදීමට යොදාගන්නා ලද ගල් පතුරු කිහිපයක් ද සොයාගෙන තිබිණි. මෙම කැණීම් කණ්ඩායමේ ප්‍රධානී ජියෝර්ජි බිඩ්සිනාශ්විලි පවසන්නේ 1990 සහ 2000 වර්ෂයේ දී සොයාගන්නා ලද වසර මිලියන 1.8ට පෙර ජීවත් වූ බවට කාල නිර්ණය කළ Mzia ලෙස නම්කර ඇති මානවයාගේ සමකාලීනයකුට මේ දත අයිති බවයි.

වර්තමාන යුරේසියාව දක්වා අප්‍රිකාවේ සිට වසර මිලියන 02කට පෙර හෝමෝ ඉරෙක්ටස් සංක්‍රමණය වූ බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මෙම දත සොයා ගැනීමෙන් ද ඒ බව තහවුරු වෙයි.

ලෝකයේ පැරණිතම හෝමෝ මානව පොසිල වසර මිලින 2.8ක් පමණ පැරණිවන අතර දඩයමෙන් ජීවත් වූ හෝමෝ ඉරෙක්ටස් අප්‍රිකාවෙන් පිට වූයේ වසර මිලියන 02කට පමණ පෙර යැයි විශ්වාසයක් පැවවති ය ද වසර මිලියන 2.1ක් පැරණ මානව මෙවලම් චීනයෙන් සොයාගෙන ඇත. නමුත් ජෝර්ජියාවෙන් හමු වූ මෙම දත අප්‍රිකාවෙන් පිටත දී සොයාගත් පැරණිතම මානව අවශේෂය ලෙස සැළකේ.

යුරෝපයෙන් සොයාත් පැරණිතම මානව අවශේෂය පසුගිය ජූලි මාසයේ ස්පාඤ්ඤයෙන් හමු වූ කුඩා මානව අස්ථි කොටසකි. එය වසර මිලියන 1.2ක් පැරණි බවට තහවරු කරගෙන ඇත. ජුනි 30 වැනි දා අටපුවර්කා කඳුවැටියේ පුරාවිද්‍යා කැණීම් භූමියකින් හමුවී තිබිණි. එම ස්ථානයේ යුරොපයේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සාක්ෂිවලින් පොහොසත් භූමියක් ලෙස සැළකේ.

https://www.dailymail.co.uk/sciencetech/article-11206745/Worlds-oldest-TOOTH-outside-Africa-Student-digs-1-8million-year-old-molar-country-Georgia.html

1 COMMENT

Leave a Reply to Martin Waduge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!