spot_img
spot_imgspot_img

තවත් රටවල් දෙකක් යුද්ධයක පැටලෙයි

පුවත්

විදෙස්

අසර්බයිජානය තම රටේ භූමිය අත්පත් කරගැනීම සඳහා සිදුකරන සටන්වලින් තම හමුදා සාමාජිකයන් 49 දෙනකු මියගොස් ඇති බවත් ලෝක නායකයන් මේ සටන් නැවැත්වීමට මැදිහත් විය යුතු බවත් ආර්මේනියා අගමැති නිකොල් ෂින්යෑන්ග් පවසයි.

රුසියාව මේ සටනට මැදිහත් වී සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රහාර යම් තරමකට සීමා වී ඇතත් මුළුමනින් ම නතර වී නැත. නාගෝර්නෝ – කරබාක් ප්‍රදේශවල දී මේ ගැටුම් හටගෙන ඇති අතර ඉන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසර්බයිජාන හමුදා විසින් එල්ලකරන ලද කාලතුවක්කු සහ ෂෙල් ප්‍රහාරවලින් එම හමුදා පිරිස් මරුමුවට පත්ව ඇති බව ද ආර්මේනියා අගමැතිවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!