spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමට, කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

පුවත්

විදෙස්

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට සම්බන්ධයෙන් අද (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගැනීමට නියමිතය.

මීට අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී තීරණය කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය බාර ගැනීමෙන් පසු කියා සිටියේ විශ්‍රාම වයස අවුරුදු 60ක් බවට ත්කරන බවයි.

එහි දී වෛද්‍යවරු, හෙද හෙදියන් සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස ද අවුරුදු 60ක් බවට පත්කරන්නේ යැයි කියා සිටිය ද ඔවුන් සමඟ පැවැති සාකච්ඡාවල දී තීරණය වී ඇතතේ ඔවුන්ට අවුරුදු 63 දක්වා අවස්ථාව ලබා දීමටය.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් මේ වනවිට වයස අවුරුදු 60 ඉක්මවා රාජ්‍ය සේවයේ රැඳී සිටින පුද්ගලයන් දෙසැම්බර් 31 වැනි දිනෙන් විශ්‍රාම ගත යුතුය. ඊට අදාල චක්‍රලේඛය නිකුත් වූ පසු

කෙසේවෙතත් වෛද්‍ය, හෙද, සහ ඉංජිනේරුවරුන් හැර අනෙකුත් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් විශ්‍රාම ගත යුතු බව එහිදී යෝජනා කෙරුණි.

මීට අදාළ චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙනු ඇත.

මේ අතර විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අවම කිරීම හරහා මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට රාජ්‍ය සේවකයින් 20,000ක් පමණ විශ්‍රාම ගැන්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!