spot_img
spot_imgspot_img

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා කණ්ඩායමට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11) ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය.

එවැනි කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේ 2014 වර්ෂයෙන් පසුව වීම ද විශේෂත්වයකි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද පැවැති තරඟයේ කාසියේ වාසයි පරාජයට පත් වූ ශ්‍රී ලංකාවට පළමුව පන්දුව පහරදීමට සිදුවිය. එහි දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06කට ලකුණු 170ක් රැස්කිරීමමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු71ක් ලබාගත් අතර වනිඳු හසරංග 36ක්, ධනංජය ද සිල්වා 28ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී හාරිස් රවුෆ් ලකුණු 29ක් දී ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවේය.

ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී ලබාගත හැකි වූයේ සියලු දෙනා ම දැවී ලකුණු 147ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 23ක ජයක් හිමිවිය.

මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තිකාර් අහමඩ් 32යි, පන්දු යැවීමෙන් ප්‍රමෝද් මධුෂාන් 34/4යි සහ වනිඳු හසරංග 27/3යි ලෙස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු  කළහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!