spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව පහසුවෙන් ම පකිස්තානය මෙල්ල කරයි

පුවත්

විදෙස්

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ සිය ප්‍රතිවාදීයා වූ පකිස්තානය ඊට පෙර සුපිරි 04 දෙනාගේ වටයේ අවසන් තරඟයේ දී ඉතා පහසුවෙන් ප්‍රරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්ව සිටියි.

ඊයේ පැවැති එම තඟයේ දී පන්දු 18ක් ඉතිරිව තිබිය දී ම කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය පරාජය වීමෙන් පසු පළමුව පන්දුවට පහරදීමට සිදුවූ පකිස්තාන කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසන්වීමට තවත් පන්දු 05ක් ඉතිරිව තිබිය දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 121ක් පමණි. 122ක ජයග්‍රාහී ඉලක්කය පන්දු 18ක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක් අතැතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

මෙම තරගයේ දී විස්සයි 20 ජාත්‍යන්තර තරඟ වරම් දිනාගත් මදුෂාන් පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ව දවා ගැනීමට සමත්වූයේය. ඔහු යැවූ අවසන් පන්දු වාරයේ දී හර්ස් රවුෆ්ව දවා ගත්තේය. චරිත් අසලංක වෙනුවට අද කණ්ඩායමට කැඳවූ ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත්තේ පකිස්තානුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නියැළුණු පැතුම් නිස්සංක පන්දු 48 කදී හයේ පහරක් සහ හතරෙ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 55 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරා රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාවක් ලකුණු 02 ක් තිබියදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා ම දැවී යෑම නිසා හඹා යෑමේ ආරම්භයද අවුල් තත්ත්වයකට පත්විය. චරිත් අසලංක වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි ධනංජය ද සිල්වාද ලකුණු 09 කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට පත්විය. අනතුරු පිටියේ එක් වූ භානුක රාජපක්ෂ ලකුණු 24 ක් ලබා ගනිමින් පැතුම් නිශ්ශංක සමඟ පැවැත්වූ ලකුණු 51ක සම්බන්ධතාව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ අඩිතාලම විය. එම ලකුණු 51 සඳහා පිතිකරුවන් දෙදෙනා වැය කළේ පන්දු 39ක් පමණි.

පාකිස්තනය පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 121 යි – (මොහොමඩ් රිස්වාන් 14, බාබර් අසාම් 30, ෆකර් සමාන් 13, ඉෆ්තිකාර් අහමඩ් 12, මොහොමඩ් නවාස් 26, මහීෂ් තීක්ෂණ 21/2, ප්‍රමෝද් මදුශාන් 21/2, ධනංජය  ද සිල්වා 18/1, වනිදු හසරංග 21/3, චාමික කරුණාරත්න 04/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 17 කදී කඩුලු 5 ට ලකුණු 124 යි – (පැතුම් නිස්සංක නොදැවී 55, භානුක රාජපක්ෂ 24, දසුන් ශානක 21, වනිදු හසරංග නොදැවී 10, හාරිස් රවුෆ් 19/2, උස්මාන් කාදර් 34/1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!