spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකික ජනතාව නොසිතූ ගැටලුවක. නිරෝගී දිවි පැවැත්මට තර්ජනයක්

පුවත්

විදෙස්

ඉතාමත් හොඳින් හිරු එළිය ලැබෙන සමකය ආසන්න රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ඛේදජනක ඉරණමකට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.

ඔවුන් පවස්නේ සූර්යාලෝකයට සම නිරාවරණය වූ විට සිරුරේ ස්වභාවිකව නිෂ්පාදනය වන විටමින් D ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තරම් නැතැයි පර්යේෂණයකින් සනාථ වී ඇති බවයි.

මේ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය facebook පිටුවේ සටහනක් තබා ඇත.

එම පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනයෙන් සෑඹ තුන් දෙනෙකුගෙන් ම එක් අයකු හෙවත් 31%ක පිපරිසක් D විටමින් ඌණතාවයෙන් පෙළෙන බවයි. එමෙන් ම අඩකටත් වඩා වැඩි පිරිසකගේ සිරුරේ විටමින් D ප්‍රමාණවත් තරම් නැතැයි ද එම එය 59%ක ප්‍රමාණයක් යැයි ද තහවරු වී තිබේ. දකුණු පළාතේ කාන්තාවන් අතර සිදුකළ සමීක්ෂණයකින් ද එවැනි ම තොරතුරු ලැබී ඇති අතර දකුණු පළාතේ කාන්තාවන් අතරින් විටමින් D ප්‍රමාණවත් තරම් නොමැති සංඛ්‍යාව 56%කි.

මෙහි වඩාත්ම ඛේදජන තත්වය නම් වයස අවුරුදු 10-18ත් අතර පසුවන පාසල් සිසුන් අතරින් 46%ක් ද විටමින් D ප්‍රමාණවත් තරම් සිරුරේ නොමැතිව ජීවත්වන බව තහවුරු වී තිබීමයි.

පුද්ගලයන්ගේ නිරෝගී බවට විටමින් D අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. ප්‍රතිශක්තිය උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට උපකාරී වන අතරම ශ්වසන රෝග වළක්වාලීමට විටමින් D විශාල දායකත්වයක් සපයන බව පර්යේෂණ මගින් තහවරු කර තිබේ. එමෙන් ම අස්ථි ශක්තිමත් කිරීමට, මාංශ පේෂිවල මෙන් ම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට විටමින් D අත්‍යාවශ්‍ය වෙයි.

එබැවින් විටමින් D ඌණතාවය යනු සුළුපටු ගැටලුවක් නොවේ. ඇතැම් මත්ස්‍යයන් කෑමට එක්කර ගැනීමෙන්, බිත්තර කහමදයෙන්, රතු මස් සහ සත්ව අක්මාව ආහාරයට ගැනීමෙන් සිරුරට විටමින් D එක්කරගත හැකි වුව ද එය ප්‍රමාණවත් නැත. දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් තරම් විටමින් D ලැබෙන්නේ හිරු එළියට නිරාවරණය වීමෙනි.  

මේ ගැටලුවෙන් මිදීමට නම් එදිනෙදා උදෑසන 10.00ත් සවස 3.00ත් අතර විනාඩි 15ක් 30ක් පමණ කාලයක් සාමාන්‍ය ඇඳුමින් සැරසී හිරු එළියට නිරාවරණය වීම අව්‍ය බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශය පවසයි.

හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් එය සුදුසු නොවන බව ද දිගු කාලීනව කිසියම් රෝගයක් සඳහා ‍ඖෂධ ලබාගන්නේ නම් හිරු එළියට නිරාවරණය වීමේ හැකියාව පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසිය යුතු බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!