spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව නිසා තවත් රටවල් අමරුවේ වැටිලා. ගොඩ ඒමක් නැති වෙයි ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ණය කන්ද හේතුවෙන් විදෙස් රටවල් සහ ගෝලීය වත්කම් කළමනාකරුවන්ට පවා පාඩු විඳින්නට සිදුව ඇති බවත් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 100ක් පමණ බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ණය ලබා දී ඇති චීනය, ජපානය සහ ඉන්දියාව ද මේ හේතුවෙන් ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව ද ණය ගෙවාගැනීමට නොහැකිවීමෙන් බහුපාර්ශ්වික හවුල්කරුවන් අසීරුතාවට පත්වීම ස්වභාවය බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට පාර්ශවකරුවකු ලෙස කටයුතු කළ ද ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන වෙයි. ඊට ‍දේශපාලන ස්ථාවරත්වය ඉතාමත් වැදගත් වගේ ම චීනය, ඉන්දියාව සහ ජපානය යන රටවලින් ණය සහන ලබා ගැනීමත් අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි.

රොයිටර් පුවත්සේවය වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ඇතුළු සහය ලබාගැනී නම් බොහෝ අසීරු දේ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳින්ම දන්නා බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිතිධූරයට ව්‍යවස්ථානුකූලව පත්ව සිටිය ද ජූලි මාසයේ දී හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට කටයුතු කළ රටේ ජනතාව ඔහු ජනාධිපතිවරයා ලෙස තවමත් පිළිගෙන නැති බව ද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ බලය පත්වීමෙන් පසු බදු කප්පාදුවලින් රජය තම ආදායම් පදනම විනාශ කරගත් බවත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අදායම අඩු වූ අවස්ථාවේ රුපියලේ අගය කෘතිම ලෙස ස්ථාවරව පවත්වා ගැනීමෙන් සිය සංචිත අහිමිකරගත් බවත් එම වාර්තාවේ දැක්වේ.

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ආර්ථික විශේෂඥයකු වන චාර්ල්ස් රොබට්සන් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් දරිද්‍රතාවට ගොදුරු වී ඇති බවයි.  මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණ නිසි පෝෂණය නොමැති තත්වයකින් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දත්ත වාර්තාවලින් පෙන්වා දී තිබේ.

ලෝක බැංකුව උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවස්නනේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 50.5ක දේශීය ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි. මේ ණය ගෙවා දැමීමේ හැකියාව පවා ගැටලුකාරී බව රොයිටර් වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රදානී පීටර් බෲවරි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශවයන්ගේ සහතිකයක් නොමැතිව, ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බවයි.

1 COMMENT

  1. ඉතින් අපි නැවතත් අදූෂිත, අවංක කණ්ඩායමකට පාලන බලය ලබා නොදී මෙතෙක් මේ රට විනාශ කරල අලුත් සංධාන අටවගෙන එන පරණ නරින්ට ම මේ රට භාර දෙමු. දීල ඉතුරුවෙලා තියෙන ටිකටත් කෙලවගමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!