spot_img
spot_imgspot_img

දේශපාලන බලය පෙන්නා වැඩ මඟහරින සේවකයන් නිසා ලංගම විනාශයි

පුවත්

විදෙස්

දේශපාලන බලය පෙන්නා ශ්‍රී ලංක ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවරු තම රාජකාරියේ නොයෙදී කාර්යාලවල කාලය ගත කිරිමේ බරපතල ගැටලුවක් හ‍ටගෙන ඇත.

ලංගම ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙලෙස තමන්ට නියමිත රාජකාරීවලින් ඉවත්ව දේශපාලන බලය පෙන්වමින් සිටින සේවකයන් සංඛ්‍යාව 1,000ක් පමණ වන බවයි. ඔවන්ගෙන් ඇතැම් දෙනා විදේශගත වී සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ සංක්‍යාව 5,300කි. එසේ වුව ද රියදුරන් සහ කොන්දොස්තරවරුන් තමන්ට අයත් රාජකාරී නොකිරීම නිසා ධාවනය වන්නේ බස් රථ 4,700ක පමණ ප්‍රමාණයකි. බස් රථ 600කට අධික ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන්නේ නැත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට අමතරව ඩිපෝ 107ක් ඇත.

මේ සම්බන්ධයේන අදහස් දක්වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස පවසන්නේ අමතර කොටස් හිඟය, ටයර් හා බැටරි හිඟය මෙන් ම රියදුරු සහ කොන්ද‍ොස්තර හිඟය ද මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට හේතු වී ඇති බයි. ඔහු පවසන්නේ රියදුරු සහ කොන්දොස්තරවරු කාර්යාල සඳහා අනුයුක්ත කර ඇත්තේ එම කාර්යාලවල පවතින පුරප්පාඩු නිසා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!