spot_img
spot_imgspot_img

පාසල් සිසුන් කෙළසූ මැටරඹ කපුවාට එරෙහිව උද්ඝෝෂණ

පුවත්

විදෙස්

පාසල් සිසුන් පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ  චෝදනාවට රිමාන්ඩ් කර සිටින කීර්ති කුමාර බටගොඩ (44) අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

ගාල්ල, උණවටුන, මැටරඹ ප්‍රදේශයේ සතර දේවාලය නමින් ස්ථානයක් පවත්වාගෙන යමින් එහි ප්‍රධාන පූජකයා ලෙස පෙනී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඔහු මෙම චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා ගාල්ලේ දේශපාලනයන්, උසස් පොලිස් නිලධාරීන් සහ ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින විශාල පිරිසක් බලපෑම් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සුඛෝපභෝගී නිවාස, නිවසක ආකාරයට තැනූ අධි සුඛෝපභෝගී බස් රථයක්, සුඛෝපභෝගී ජීප් රථ කිහිපයක්, පුද්ගලික ආරක්ෂකයන්, ගාල්ලේ සහ කොළඹ නිවාස කිහිපයක් ඔහුට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

මැටරඹ කපුවා අධිකරණයට ගෙන එන අවස්ථාවේ දී ගාල්ල අධිකරණ සංකීර්ණය අසළ උද්ඝෝෂණයේ නිරත වූ පිරිස නිහඬව විරෝධතා පුවරු ඔසවා ගෙන සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ ළමා අපයෝජකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි. සෑම විනාඩි 06කට ම වරක් ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජනයක් සිදු වන බැවින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව ද විරෝධතා කරුවෝ කීහ.

(ඡායාරූප – සංජය ධනුෂ්ක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!