spot_img
spot_imgspot_img

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්

පුවත්

විදෙස්

තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත.

මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී ඉවත් වීමෙන් පසු කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා පැවති කරඟයෙන්, ට්‍රස්, හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කළේ පක්ෂයේ සාමාජික ඡන්ද වලින් 57%ක් ලබාගනිමිනි.  මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ට පසුව ඇය රටේ තේරීපත්වූ තුන්වන කාන්තා නායිකාවයි.

බ්‍රිතාන්‍යයේ මිලියන 67 ක ජනතාවගෙන් වැඩි දෙනෙකුට ට්‍රස් ගැන කිසිදු අදහසක් නොතිබුණි. ඒ වෙනුවට, ඇයව තෝරාගනු ලැබුවේ පක්ෂයේ 180,000 සාමාජිකයින් විසිනි.

අඟහරුවාදා(06), ස්කොට්ලන්තයේ බල්මොරල් කාසල්හිදී දෙවන එළිසබත් රැජින විසින් ඇය අගමැති ලෙස පත් කරනු ඇත .

47 හැවිරිදි ට්‍රස් බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලෙස සේවය කර ඇත. දරුණු ශීත බලශක්ති අර්බුදයකට, පුලුල්ව පැතිරුනු වැඩ වර්ජන සහ ආර්ථික අවපාතයකට මුහුන දෙන රටක් ඇයට උරුම වේ. 

එළඹෙන සතියේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් ඇයගේ සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට ට්‍රස් පොරොන්දු වී ඇත. ඇයගේ පිළිගැනීමේ කතාවේදී ඇය බදු කප්පාදුවලට පොරොන්දු වූ අතර, “මම බලශක්ති අර්බුදයට මුහුණ දෙන්නෙමි.” යනුවෙන් පැවසීය. නමුත් ඇයට, අර්බුදයට මුහුණ දීම දෙගුණයක් දුෂ්කර වන්නේ, ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඇගේ පක්ෂය දැඩි ලෙස බෙදී ඇති බැවිනි. 

ලිස් ට්‍රස්, ගණිත මහාචාර්ය පියෙකුට සහ හෙද මවකට දාව ඔක්ස්ෆර්ඩ්හි දී උපත ලැබීය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ලෙස ඇය මධ්‍යවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහාය දුන් අතර රාජාණ්ඩුව අහෝසි කිරීම සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම වැනි කරුණු වෙනුවෙන් පෙනී සිටියාය.

කොන්සර්වේටිව් පක්ෂයට මාරු වීමෙන් පසුව, අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව 2010 දී ඇය පාර්ලිමේන්තුවට තේරී පත් විය.

https://www.reuters.com/world/uk/britains-truss-expected-be-named-conservative-leader-new-pm-2022-09-05/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!